November 27, 2023

අවුකන බුද්ධ ප්‍රතිමාව සිවුරකින් වැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක නියෝග කර ඇති බව වාර්තා වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව පුරාවිද්‍යා වටිනාකමක් ඇති පිළිමයක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

අනුරාධපුර යුගයේ ඉදිකරන ලද අවුකන බුද්ධ ප්‍රතිමාවට ශ්‍රී ලංකාවේ “හිටි බුද්ධ ප්‍රතිමා” අතර සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, ඉතිහාසයට අනුව ක්‍රිස්තු වර්ෂ 05 වැනි සියවසේදී ධාතුසේන රජුගේ අනුග්‍රහයෙන් මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත.

දෙස් විදෙස් බැතිමතුන් වන්දනාමාන කරන අවුකන බුද්ධ ප්‍රතිමාව සිවුරකින් ආවරණය කිරීමට පිරිසක් උත්සහ කරන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමඟ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

42.31%
17.27%
32.76%