Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමිල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අවුකන පිළිම වහන්සේට සිවුරක් පළදවා ඇති ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් පවතින අතර , එය සත්‍යක්ද එසේ නොමැති නම් පරිගණක ඇසුරින් සකස් කරන ලද්දක් දැයි සමාජයේ පුලුල් කතාබහක් නිර්මාණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අනාවරණය වුනේ මෙම සිදුවීම සත්‍යය සිදුවීමක් බවයි.
ඒ පිළිබද මාධ්‍යවේදී නලින් හෙන්දුරුගොඩ සිය ෆේස්බුක් ගිණුමේ පහත පරිදි සටහන් කොට තිබිණ.
“අද 2023 වර්ෂයේ ඉල් පුර පසලොස්වක පොහෝ දින සවස මම අවුකන පිළිම වහන්සේ වැද පුදා ගන්න ගියා. මීට වසර 10 පමණ පෙර දී පමණ මගේ දරුවන් කුඩා අවධියේ මෙම ස්ථානයට ගියාට ඒ අයට මතක නැ . ඉතිං මේ අති විෂිශ්ඨ නිර්මාණය පිළිබදව දරුවන්ට විස්තර කරමින් ගියා. ඒ අසලට ගිය විට දුටුවේ සිවුරක් පොරවපු අවුකන පිළිම වහන්සේය. ඒ පිළිබදව ඒ මොහොතේ එතන සිටි අයවළුන් කිහිප දෙනෙක්ම මේ පිළිබදව මුමුණන බව දුටුමි.
විහාරස්ථානය අසලින් පොතක් මිලදී ගෙන මේ තමයි අවුකන පිළිම වහන්සේ කියලා මට මගේ දරුවන්ට පෙන්නා දෙන්න සිද්ධ වුණා. තවද අවුකන පිළිම වහන්සේගේ සිරිපතුල් දෙක ලග සෙරප්පු යුවලක්ද දක්නට ලැබුණා. අද පුන් පොහෝ දින වස් අවසාන පොහොය වෙනුවෙන් කොළඹ වත්තල ප්‍රදේශයේ කණ්ඩායමක් මෙය සිදු කල බවයි මට කනින් කොනාන් දැනගන්න ලැබුණේ.
මට හිතෙනවා මෙහෙම …. මීට වඩා හොද නැද්ද මේ ප්‍රදේශයේම පාසැල් යන්නට සුදු රෙදි අවශ්‍යම පිහිටක් ඕන දරුවන් සොයා මේ කල වියදමට හොද සුදු රෙදි ටිකක් අරන් දුන්නානම් බොහෝ පිං ලැබේවි කියා. මේ සටහන විවෘත අදහස් හා සංවාදයකට තබා නිම කරමි. සැමට තෙරුවන් සරණයි.”
මෙම සිදුවීම පිළිබද අප කළ විමසීමකදී පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සදහන් කළේ, මෙවැනි ක්‍රියා සිදුකිරීමේ දී පිළිමයට හානි සිදුවිය හැකි බවයි. එමෙන්ම මෙවැනි ක්‍රියා පුරාවිද්‍යා පනත යටතේ වැරදි ලෙස පවා සැළකිය හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart