January 16, 2024

බෞද්ධ දර්ශනයට හානි වන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ‘අවලෝකිතේෂ්වර බෝධිසත්වයන්’ තමන්ව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාව ජනවාරි 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මෙම පුද්ගලයාව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබීය.

පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබිණි.

මෙම පුද්ගලයා විසින් සිදුකරනු ලබන ක්‍රියාවන් විවේචනය කරමින් ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන් පෙරේදා ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර තිබිණි.

42.31%
17.27%
32.76%