January 29, 2025

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) අනුමැතිය නොමැති ජංගම දුරකථන හඳුනාගෙන ඒවා භාවිතය වැළැක්වීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව එම කොමිෂන් සභාව පවසයි.

අනාගතයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව කිසිදු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස ද කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එවැනි අනුමත නොකළ දුරකථන භාවිතය වැළැක්වීම සඳහා කොමිෂන් සභාව ඉක්මණින් නව ස්වයංක්‍රීය පද්ධතියක් ක්‍රියාත්මක කරන බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

42.31%
17.27%
32.76%