October 11, 2023

ඕස්ට්‍රේලියාවේ බිග්බෑෂ් 20-20 කාන්තා ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023-2024 තරගවාරයේ දී සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ විදේශීය ආදේශික ආදේශක ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු ගිවිසුමි ගතව තිබේ.

ඕස්ට්‍රේලියාවේ බිග්බෑෂ් 20-20 කාන්තා ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පර්ත් ස්කෝචර්ස් සහ මෙල්බර්න් රෙනෙගේඩ්ස් යන කණ්ඩායම් දෙකටම වාර හතරක් ක්‍රීඩා කර තිබියදීත් මෙවර චමරි අතපත්තුව මූලික වටයේදී කණ්ඩායමක් සදහා තෝරා ගෙන නොතිබිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එංගලන්තයේ දී දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් තරගාවලියේ වීරවරිය සම්මානයක් ද දිනාගත් ඇයව මෙළෙස නොසළකා හැරීම සම්බන්යෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඔස්සේ දැඩි විවේචන ද එල්ල වී තිබිණ.

කෙසේවෙතත්, විදේශිය ආදේශක ක්‍රීඩිකාව ලෙස ඇයව තම කණ්ඩායමට එක්කර ගැනීමට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම අවසානයේ දී පියවර ගෙන තිබේ