June 25, 2024

ඕස්ට්‍රේලියාවේ T20 ලෝක කුසලාන බලාපොරොත්තුව මේ වන විට ගිලිහි ගොස් තිබේ.

ඒ අද පැවති ඇෆ්ගනිස්ථාන – බංග්ලාදේශ තරගයේ දී ඩක්වත් ලුවිස් ක්‍රමය යටතේ ඇෆ්ගනිස්ථානය බංග්ලාදේශ කණ්ඩායම පරාජය කිරීමත් සමගය.

ශාන්ත ලුසියාහි ඊයේ පැවති තරගයේ දී ඉන්දියාව ලකුණු 24කින් ජයග්‍රහණය කිරීමත් සමග ඕස්ට්‍රේලියාවේ T20 ලෝක කුසලාන බලාපොරොත්තු තවදුරටත් ඈත් වී තිබිණි.

ඉන්දියාව මේ වන විට සුපිරි 8 කාණ්ඩයේ මනා වාර්තාවක් සමඟින් පළමු ස්ථානයට පත්ව සිටී.

ඔවුන් බ්‍රහස්පතින්දා ගයානාහිදී පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී වත්මන් ලෝක ශූරයන් වන එංගලන්ත කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

ඒ අතරතුර දකුණු අප්‍රිකාව ට්‍රිනිඩෑඩ් හිදී පැවැත්වෙන අනෙක් අවසන් පූර්ව තරගය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා ඇත.

සුපිරි 8 වටයේ එක් ජයග්‍රහණයක් පමණක් ලබා සිටි ඔස්ට්‍රේලියාවේ ඉරණම තීරණය වුයේ ඇෆ්ගනිස්ථාන – බංග්ලාදේශ තරගයේ තීරණය අනුවය.

ඊයේ පැවති තරගයේ දී ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව ඉන්දියාව ලකුණු 205-5කට සීමා කිරීමට ඕස්ට්‍රේලියාව සැබවින්ම හොඳින් සටන් කළේය.

ඕස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමේ පළමු ඕවරයේදී අර්ෂ්දීප් සිංගේ පන්දුවකට ඩේවිඩ් වෝනර් දැවී ගියේය.

ට්‍රැවිස් හෙඩ් සහ නායක මිචෙල් මාෂ් ඉන්දියාවට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමට සමත් වුවද ඕවර 8කදී ලකුණු 81ක් වූ ඔවුන්ගේ ස්ථාවරය අවසන් වූයේ මාෂ් ලකුණු 37කට දැවී යෑමත් සමගය.

ඕස්ට්‍රේලියාව ලකුණු 181-7 දක්වා පසුබෑමකට ලක් වූ අතර අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ඔවුන්ට තිබූ එකම බලාපොරොත්තුවත් බංගලාදේශය පරාජය වීමත් සමග අහිමි විය.