December 12, 2023

මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රජයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙන අතර, ඒ සඳහා ඩොලර් මිලියන 1,727ක සෘජු විදේශ ආයෝජනයක් යොදවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඩොලර් මිලියන 1,727 ක සෘජු විදේශ ආයෝජනයක් මෙහිදී සිදුකෙරෙන බව පැවැසේ.

රට තුළ කඩිනම් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහායවීම සඳහා 50MW හෝ ඊට වැඩි ධාරිතාවකින් යුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා අනාගත ආයෝජකයන්ගෙන් උනන්දුව ප්‍රකාශ කිරීම (EOIs) කැඳවීමට කැබිනට් මණ්ඩලය මේ වසර මුලදී අනුමැතිය ලබාදුන්නේය.

ඒ අනුව, යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරයේ දේශීය අනුබද්ධිත යුනයිටඩ් සෝලාර් බලශක්ති ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගම, කිළිනොච්චියේ පූනකරි වැවේ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700 ක සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

42.31%
17.27%
32.76%