November 28, 2023

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ සිවුරකින් ආවරණය කිරීම සිදුකළේ ලෝකවාසී බෞද්ධ ජනතාවට බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීම සඳහා යැයි එය සංවිධානය කළ එල්. අමරනන්ද පවසයි.

”මම අවුකන පිළිම වහන්සේට මේ වසරේ කඨින චීවර පූජාව තමයි සිදුකළේ. මම මෙය අද ඊයේ කළ දෙයක් නෙවෙයි. 16 වැනි වතාවට තමයි කළේ. දිවයින පූරා විහාරස්ථාන රැසක මම මෙලෙස පූජා පවත්වා තියෙනවා.”

අවුකන බුද්ධ ප්‍රතිමාව භාරව සිටින බව කියන භික්ෂුවද එහිදී මෙසේ පවසයි.

” කල්තියාම මගෙන් 50 දෙනෙක්ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අවසර ඉල්ලුවා මේ විදියට කඨින චීවර පූජාව කරන්න. බෞද්ධයන් ඇවිල්ලා පූජාවක් පවත්වන්න ඉල්ලුවම මට බෑ කියන්න බෑ. ප්‍රතිමා වහන්සේට අගෞරවයක් වන විදියට කිසිම දෙයක් මෙතෙන සිද්ධ වෙන්නේ නෑ.

යූ ටියුබ් වල කට්ටිය විවිධ මත දරනවා. එක හාමුදුරුකෙනෙක් මට බැනලා තිබ්බා. උන් වහන්සේට මම කියනවා වහාම මෙතෙන්ට එන්න. එහෙ ඉදන් එක එක පාට් දාන්න බනින්නේ නැතුව. මෙතන මමයි රකින්නේ.”

42.31%
17.27%
32.76%