February 12, 2025

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව සම්බන්ධයෙන් වහාම නීතිපති උපදෙස් ලබාගෙන පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබේ.

එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි හමුවේ කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන් අතර, එහිදී කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ විමර්ශනයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවයි.

එහෙත් වෛද්‍ය චමල් සංජීව වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මර්වින් සිල්වා තර්ක කර ඇත්තේ, එවැනි උපදේශනයක් අවශ්‍ය නොවන බවයි.

සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු පොලිසියට ක්‍රියාමාර්ග තීරණය කළ හැකි බව ද ඔහු පවසා තිබේ.

මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව අදාළ දර්ශන නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ප්‍රමාදයකින් තොරව ඉදිරි නියෝග ලබාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දී ඇත.

නඩුව මාර්තු 24 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.

42.31%
17.27%
32.76%