November 13, 2024

ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සහ සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදකයන් 5 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම තීරණය අද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

මෙම සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ මස 30 වැනිදා දක්වා හිඟ බදු ගෙවීමට අදාළ සමාගම්වලට දැනුම්දී ඇති බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබේ.

42.31%
17.27%
32.76%