
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලෝබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුව විභාගය සඳහා නීතිපතිවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා තිබේ.
ලිපියක් මගින් නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මාස 07ක් රිමාන්ඩ් භාරයේ පසුවූ අතර පසුව 2024 සැප්තැම්බර් මාසයේදී ඔහුට ඇප ලැබිණි.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ සහාය ඇතිව ව්‍යාජ ලියකියවිලි නිර්මාණය කරමින් ඖෂධ සමාගමක් හරහා බාල ඉමියුනොග්ලෝබියුලින් එන්නත් කුප්පි 22,500ක් ආනයනය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබීය.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ එම බාල ඖෂධය ආනයනය කිරීම හරහා රුපියල් මිලියන 130ක මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළි විය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය අප්‍රේල් 09 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත පැමිණ තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart