Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුණෑගල බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩාදැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු සිව්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ගොනුකළ මෝසමක් යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණ විය.
කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා දන්වා සිටියේ විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මේ වන විටත් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බවයි.
රාජ සභා මණ්ඩපය කඩාදැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නිකුත්කර තිබූ වරෙන්තු අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙරද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.
2020 අගෝස්තු 25 දිනැති අභියාචනාධිකරණ නියෝගයේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනුකරන ලද අභියාචනා පෙත්සමකට අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත්කර තිබිණි.
තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බැවින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් අයදුම්පත් ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයන් අපේක්ෂා කරන බව මුස්තාපා නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
එම මෝසම ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතය.
2020 අගෝස්තු 07 වැනි දින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අදිකාරි, වැඩ අධිකාරී ඉලලුදීන් සුල්ෆියා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියකරු යන අයට එරෙහිව කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් කඩාදැමීම සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත්කර තිබිණි.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ උදාර මුහන්දිරම්ගේ සමඟ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා පෙනීසිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart