Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ සේවය තම ආරක්ෂාව සඳහා භාවිත කරන පුද්ගලයන් මහජනතාවට එල්ල කරන තර්ජනය ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට යොමු කෙරිණි.
පාර්ලිමේන්තුවේ ප්‍රකාශයකට අනුව පසුගිය සතියේ (නොවැ 22) පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් එකී කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
පෞද්ගලික ආරක්ෂකයන් පිරිවරාගෙන පැමිණෙන ඇතැම් පුද්ගලයන් හේතුවෙන් මහජනතාව යම් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ පා සිටින බව කමිටු සාමාජිකයන් පෙන්වා දී තිබේ.
නීත්‍යනුකූලව පුද්ගලයකුගේ පෞද්ගලික ආරක්ෂාවට මැදිහත්වීම පොලිසියට කළ නොහැකි බව රැස්වීමට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අනාවරණය කර තිබේ.
කෙසේවෙතත්, පෞද්ගලික ආරක්ෂක අංශවල පිරිස් ආයුධ භාවිත කරන බැවින් යම් නියාමනයක් අවශ්‍ය බව කමිටුව පෙන්වා දෙයි.
පෞද්ගලික ආරක්ෂක සේවා නියාමනය කිරීම සඳහා වන නිර්ණායක සකස් කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශයට දැනුම්දීමට කමිටුව තීරණය කළේය.
පාතාල ක්‍රියාකාරකම් වර්ධනය සම්බන්ධයෙන් ද දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
ත්‍රිවිධ හමුදාවේ ඇතැම් පුද්ගලයන් අපරාධ සිදුකිරීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවද අනාවරණය විය.
අපරාධකරුවන් හඳුනාගැනීමේ යම් දුර්වලතාවක් පවතින බව පොලිස්පතිවරයා පෙන්වා දී ඇත. අපරාධකරුවන් හඳුනා ගැනීමට දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් සිටී නම් අපරාධ සිදුවීමට පෙර ඒවා වළක්වා ගත හැකි බවත් එබැවින් දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් හඳුනාගෙන ඔවුන් ඒ ඒ ප්‍රදේශවල සේවයට යැවීමට අවධානය යොමුකර ඇති බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එහිදී පොලිස් නිලධාරීන් පෙන්වාදී ඇත්තේ, පාසල් සිසුන්ට පෙති වර්ග ලබාදී ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කටයුතු කරන බවයි.
මත්ද්‍රව්‍ය පාලනයේදී පළමුව කළ යුත්තේ එම මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළක්වීම බව ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ රාජසන්තක කිරීම වැනි නීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද කමිටුව සාකච්ඡා කර තිබේ.
රිය අනතුරු හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් රටට අහිමි වන බව පෙන්වා දුන් කමිටු සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධයෙන් රණවිරුවන් 29,000ක් මිය ගිය බවත්, පසුගිය වසර 10 තුළ පමණක් රිය අනතුරුවලින් 27,000ක් මිය ගිය බවත් සිහිපත් කළේය.
ඒ අනුව මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමට අවශ්‍ය උපකරණ දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලබාදීමට කඩිනමින් මිලදී ගන්නා ලෙස සභාපතිවරයා උපදෙස් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart