Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ ඇළ සහ ජල කඳ රත්පැහැ ගැන්වීම පසුපස බැර ලෝහ නොමැති බව හෙළිවී තිබේ.
පසුගිය සතියේ අඟහරුවාදා උදෑසන ඇළේ ජලයේ වර්ණය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබිණි.
“පහුවදාත් වතුර රතු පාටයි. ගෙදරක් ගාව කසළ ගොඩක හැමතැනම රතු සායම් දාලා,” යනුවෙන් ප්රදේශවාසියෙක් පැවසීය.
ඒ අනුව ඊට පසුදින (6) නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ අනෙකුත් විශේෂඥයන් විසින් සිදු කරන ලද ස්ථානීය පරීක්ෂාවකදී ජලය දුර්වර්ණ වීමට හේතු වී ඇති ඇත්තේ කෘත්‍රිම ඩයි වර්ගයක් හේතුවෙන් බවයි.
එම රසායනික ද්‍රව්‍ය මගින් ජලයේ PH මට්ටම් සහ උෂ්ණත්වය වැනි පරාමිතීන් කඩ කර නොමැති බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව ජලයේ වර්ණය වෙනස්වීම පිළිබඳ පරීක්ෂණ පවත්වන මධ්‍යම පරිසර අධිකාරිය පවසා තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ ප්‍රකාශ කර ඇත්තේ “අපි වැඩිදුර රසායනාගාර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටිනවා, නමුත් මේ වන විට එහි කිසිදෙයක් අන්තරායකර සීමාවන් කඩ කර නැහැ. එයින් අදහස් වන්නේ වර්ණකය මිනිසුන්ට හෝ සතුන්ට හානිකර නොවන බවයි” යනුවෙනි.
මත්ස්‍ය මරණ හෝ අසාමාන්‍ය පරිසර පද්ධති ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා වී නොමැති බවද ඔහු සඳහන් කළේය.
ජලය ගලා බසින විට වර්ණය දිය වී යනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය අපේක්ෂා කරයි.
කෙසේවෙතත් මුලින් නිරීක්ෂණය කිරීමෙන් දින තුනකට පසුව ද ජලය රතු පැහැති බව නිරීක්ෂණය විය.
“අපිත් පුදුමයට පත්වෙනවා, වර්ණය තවදුරටත් ගලාඒම නැවැත්වීමට යමක් කරන ලෙස ආපදා අවදානම් කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලා තිබෙනවා.අපි නැවත අවධාරණය කරන්නේ මෙමගින් වුණු විශාල හානියක් අනාවරණ වී නැහැ කියලයි,” ජයසිංහ පැවසීය.
මේ මොහොතේ එමගින් හානියක් සිදු නොවුණත් රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
ජාතික පරිසර පනත කාර්මික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කටයුතු කරන බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අධිකරණ බලය මධ්‍යම පරිසර අධිකාරියට පැවරෙන්නේ නැත.
“මෙය ගෘහස්ථ ක්‍රියාවක්. එය මහජන සෞඛ්‍ය රෙගුලාසිවල බල සීමාවටයි අයත් වෙන්නේ.” යනුවෙන් ඔහු පෙන්වාදෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) දෙහිවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
“ප්‍රදේශයේ පදිංචිකරුවකු අසල වෙළඳසැලකින් ‘කුකුල් සායම්’ මිල දී ගෙන වගකීම් විරහිත ලෙස බැහැර කර තිබෙනවා. මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.” යනුවෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර සඳහන් කළේය.
“හානිකර කිසිවක් අනාවරණය නොවීම ප්‍රජාවට සහ ඒ ගැන සැළකිලිමත් වන අයට යහපතක්” යැයි සිද්ධිය බලධාරීන්ට වාර්තා කළ ජෛව විවිධත්ව ව්‍යාපෘතියේ නියෝජිතයෙක් පැවසීය.
එම නියෝජිතයා පැවසුවේ ඩයි වර්ග ස්වාභාවික හෝ කෘත්‍රිම ද්‍රව්‍යවලින් සාදා ගත හැකි බවයි.
කෘත්‍රිම ඩයි වර්ග, සමට නිරාවරණය වන විට ගැටලු සහගත නොවන බව පෙනුන ද විශාල ප්‍රමාණවලින් ශරීරගත වූ විට නරක බලපෑම් ඇති විය හැක.
මෙම සිදුවීම පිළිබඳ කනගාටුදායක කරුණ නම් ඇළ පිටාර ගැලීම සහ එය වෙනත් ජල මාර්ගවලට ගලා යෑම පාලනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන් අකාර්යක්ෂම වීමයි.
මෙය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි නොදන්නා බවත් හානිය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීම සඳහා කිසිදු බාධකයක් පිහිටුවා නැති බවත් ජෛව විවිධත්ව ව්‍යාපෘතියේ නියෝජිතයා නිරීක්ෂණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart