
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 වසර අවසානයේ දී සේවක භාර අරමුදලේ (ETF) සාමාජික ගිණුම්වලින් ක්‍රියාකාරීව පැවතියේ සියයට 14.11ක් පමණක් බව මහ බැංකුව පවසයි.
මහ බැංකුව ප්‍රකාශ කළේ, “සේවක භාර අරමුදලේ සාමාජික ගිණුම් මිලියන 16.3න් 2024 අවසානයේ ක්‍රියාකාරීව තිබුණේ ගිණුම් මිලියන 2.3ක් පමණි” යනුවෙනි.
මෙම අඩු ක්‍රියාකාරකම් අනුපාතය තිබියදීත්, සේවක භාර අරමුදලේ වත්කම් පදනම වර්ධනයක් අත්විඳි ඇත්තේ පෙර වසරට සාපේක්ෂව සියයට 12.7කින් වැඩි වී 2024 වසර අවසානයේ රුපියල් බිලියන 591.3ක් බවට පත්වෙමිනි.
අරමුදලට දායක වන සේවා යෝජකයන්ගේ සංඛ්‍යාව ද 2023 වසර අවසානයේ 74,927 සිට 2024 වසර අවසානයේ 80,008 දක්වා ඉහළ ගොස් තිබේ.
සේවක භාර අරමුදලේ මුළු සාමාජික ශේෂය පෙර වසරට සාපේක්ෂව සියයට 11.9කින් වර්ධනය වී 2024 වසර අවසානයේ රුපියල් බිලියන 564.3ක් විය.
සේවක භාර අරමුදලේ සඳහා වූ මුළු දායකත්වය පෙර වසරට සාපේක්ෂව සියයට 12.9කින් වැඩි වී රුපියල් බිලියන 42.0ක් වී තිබේ.
මේ අතර, 2024 දී සාමාජිකයන්ට ගෙවන ලද මුළු විශ්‍රාම වැටුප් ප්රතිලාභ සියයට 12.7කින් අඩුවී රුපියල් බිලියන 33.4ක් වී ඇත.
සේවක භාර අරමුදල විසින් කරන ලද ආයෝජන සියයට 12.8කින් වැඩි වී 2024 අවසන් වන විට රුපියල් බිලියන 581.1ක් වී තිබේ.
මෙම ආයෝජනවලින් සැළකිව යුතු කොටසක් එනම් සියයට 94.7ක්, රජයේ සුරැකුම්පත් සඳහා වෙන් කරන ලද අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 14.7කින් වර්ධනය වී 2024 අවසානයේ රුපියල් බිලියන 550.5ක් වී තිබේ.
2024 දී සේවක භාර අරමුදල එහි සාමාජික ශේෂයන් සඳහා සියයට 11.9ක ආයෝජන ප්‍රතිලාභයක් වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart