Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හබරාදුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන මුදල් නොදී පළායෑමට තැත්කළ අවස්ථාවේ එහි සේවකයන් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලද විදේශිකයකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ රුපියල් හැටහත්දහසක දඩ නියම කර ඇත.
මෙසේ දඩ නියමවුයේ උණවටුන නිවෙසක තාවකාලිකව නතරව සිටින 45 හැවිරිදි රුසියානු ජාතිකයකුටය.
මෙම රුසියානු ජාතිකයා දින කිහිපයකට පෙර ඉන්ධන පිරවුම්හලට පැමිණ ඉන්ධන ලබාගෙන මුදල් නොදී පළාගොස් ඇති අතර, පසුගිය 21 වැනි දිනද පැමිණ මෝටර් රථයට රුපියල් 3,000ක ඉන්ධන ලබාගෙන මුදල් නොදී පළායෑමට උත්සහ කළ අවස්ථාවේදී සේවකයන් විසින් ඔහුව අල්ලාගෙන පොලිසියට භාරදී ඇත.
පසුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ පිටුපස අසුනේ තිබී ඔහු විසින්ම නිෂ්පාදනය කර ගන්නා ලද නීතිවිරෝධි මත්පැන් බෝතල් 17ක්ද සොයාගෙන තිබේ.
එයට අමතරව ඔහුට වාහන පැදවීම සඳහා රියැදුරු බලපත්‍රයක්ද තිබී නැත.
පසුදින සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අතිරේක මහෙස්ත්‍රාත්වරිය බීමත්ව රියපැදවීමේ චෝදනාවට රුපියල් 25,000ක දඩයක්ද බල පත්‍රයක් නොමැතිව වාහන පැදවීමේ චෝදනාවට රුපියල් 25,000ක දඩයක්ද නීති විරෝධී මත්පැන් බෝතල් 17ට රුපියල් 17,000ක දඩයක්ද නියමකර ඇත.
මෙදින පැමිණිලිකාර ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු අධිකරණයට පැමිණ නොසිටි අතර, ඔහුට සිතාසි නිකුත් කර වැඩිදුර නඩු විභාගය ජනවාරි 05 වැනි දිනට කල් තැබීමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart