September 5, 2024

දළ වශයෙන් මීටර් 1ක පමණ ප්‍රමාණයේ ග්‍රාහකයක් පිලිපීනයට ආසන්න ලුසොන් දූපත අසල පෘථිවි වායුගෝලයේ දැවීගොස් ඇති බව නාසා ආයතනයට පවසයි.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ඇස්තමේන්තු කළේ මෙය යුරෝපා වේලාවෙන් මධ්‍යහ්න 12:39ට සිදු වූ බවයි.

කැටලිනා ස්කයි සර්වේ විසින් සොයාගත් මෙම වස්තුව මුලින් CAQTDL2 ලෙස හැඳින්වූ නමුත් දැන් 2024 RW1 ලෙස එය නම් කර ඇත.

අභ්‍යවකාශ ඒජන්සියට අනුව මීටර 1ක පමණ ප්‍රමාණයේ ග්‍රාහක සෑම සති දෙකකට වරක් පෘථිවියට පැමිණෙනු ඇතැයි ගණන් බලා තිබේ.

එහෙත් ඒවා පෘථිවි වායුගෝලයට ඇතුළුවීමට පෙර ඉතා කලාතුරකින් පමණක් දක්නට ලැබේ.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ, මෙය එලෙස වායුගෝලයට ඇතුළුවීමට පෙර මානව වර්ගයා මෙතෙක් දැක ඇති නවවැනි ග්‍රාහකය බවයි.

වස්තුව ඇතුළු වූ පසු වායුගෝලයේ දැවීයෑම නිසා තරම් කුඩා වූ බැවින් එය හානිකර වී නොතිබිණි.

ප්‍රදේශයේ අහස නැරඹු ජනතාව එය දැවී යන දර්ශනීය ගිනි බෝලයේ දර්ශන සටහන් කර ගනිමින් සමාජ මාධ්‍යවල පළ කර තිබේ.