June 4, 2024

ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ මෙරට සංවිධාන 15ක සහ පුද්ගලයන් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසිනි.

ඒ අනුව ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධාන 15ක සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් 210කගේ සියලුම අරමුදල්, අනෙකුත් මුල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් අක්‍රීය කිරීමට කටයුතු කර ඇත.

2012 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ නියෝග අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එල්ටීටීඊය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය නැතහොත් TRO, ජාතික තව්හිද් ජමාත් නැතහොත් NTJ, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් නැතහොත් JMI ඇතුළු සංවිධාන 1 ක සියලු අරමුදල් සහ වත්කම් අක්‍රීය කර ඇත.

මොවුන්ට අමතරව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදයට මුදල් යෙදවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් 113 දෙනෙකුගේ මුදල් සහ වත්කම් සියල්ල ද අක්‍රීය කර තිබේ.

42.31%
17.27%
32.76%