Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේසියාවේ ක්වාලාලාම්පුරහි දි අද ආරම්භවූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදි සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.
ඒ,පළමු තරගයේදී මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 94කින් පරාජයට පත් කරමිනි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 153ක් රැස්කළහ.
දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ලිමන්සා තිලකරත්න සහ නායිකා මනුදී නානායක්කාර පස්වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 109ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ.
ලිමන්සා තිලකරත්න නොදැවී ලකුණු 41ක් රැස්කළ අතර මනුදී නානායක්කාර පන්දු 40කින් නොදැවී ලකුණු 74ක් රැස්කළාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මැලේසියානු යොවුන් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ පන්දුයැවීම හමුවේ පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 59ක් පමණක් වන අතර, එහිදී හිරුණි හංසිකා ලකුණු 2කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් සමග හෙට තරග වැදීමට නියමිත අතර, එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 07ට ආරම්භ වීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart