42.31%
17.27%
32.76%
September 19, 2023

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳුදා ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය අතර පවතින ආරක්ෂක ගිවිසුම(Aukus security pact) “වැරදීමක්” ලෙස ප්‍රකාශයට පත් කළ අතර, ණය බරින් පෙළෙන ශ්‍රී ලංකාව කෙරෙහි චීනයේ බලපෑම පිළිබඳ පවතින කනස්සලු සහගත තත්වයන් ප්‍රතික්ෂේප කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව නිව් යෝර්ක් හි පැවති අන්තර්ජාතික සාමය සඳහා වන ‘කාර්නෙගී එන්ඩොව්මන්ට්’ විසින් සංවිධානය කරන ලද උත්සවයකදී ජනාධිපතිවරයා පැවසුවේ “එය එක් රටකට – චීනයට එරෙහිව ගෙන නිර්මාණය කළ හමුදා සන්ධානයක්” බවයි.

“මම හිතන්නේ එය උපායමාර්ගික වැරදි පියවරක්. මම හිතන්නේ ඔවුන් වැරැද්දක් කළා” යැයි පැවැසූ ජනාධිපති වික්‍රමසිංහ, වැඩිදුරටත් කියාසිටියේ එම සන්ධානය අනවශ්‍ය එකක් ලෙසයි.

2021 සැප්තැම්බර් මාසයේදී නිර්මාණය කරන ලද Aukus ගිවිසුම එහි සාමාජික රටවල රජයන් විසින් විස්තර කරනු ලබන්නේ, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන, කෘත්‍රිම බුද්ධිය, ක්වොන්ටම් තාක්ෂණයන් සහ අතිරේක මුහුද යට හැකියාවන් පිළිබඳ තොරතුරු හා තාක්ෂණය බෙදාගැනීම සම්බන්ධ ආරක්ෂක හවුල්කාරිත්වයක් ලෙසිනි.

චීන-ඇමරිකා එදිරිවාදිකම් බටහිර පැසිෆික් කලාපයෙන් ආරම්භ වූ නමුත්, මේ වන විට එය ඉන්දියානු සාගරයට සහ දකුණු පැසිෆික් කලාපයට ව්‍යාප්ත වී ඇති බව ජනාධිපතිවරයා එහිදී පැවැසීය.

“ඇයි අපිව ඒකට ඇදලා ගන්නේ? අපට එය තේරුම් ගැනීමට අපහසුයි, ”ඔහු සඳහන් කළේය.

නේටෝව ආසියාවට ව්‍යාප්ත කිරීම ගැන ඔහු කියා සිටියේ, “ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගත් කල, අපට කිසිදු මිලිටරි ක්‍රියාකාරකමක් අවශ්‍ය නැත” යනුවෙනි. එසේම කලාපයේ බොහෝ රටවලට “කිසිම තැනක නේටෝව අවශ්‍ය නොවනු ඇති” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%