June 11, 2023

ආසියානු කුසලානය සඳහා PCB යෝජිත දෙමුහුන් ආකෘතිය ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් අනුමත කිරීමට ඉඩ ඇති අතර, ඉන්දියාව සඳහා මධ්‍යස්ථ ස්ථානය ශ්‍රී ලංකාව වේ.

 

තරඟාවලියේ තරඟ 13 න් හතරක් සහ සමහර විට පහක් පකිස්ථානයේ දී පැවැත්වෙනු ඇති අතර ඉන්දියාව සම්බන්ධ වුවහොත් අවසන් තරගය මෙන්ම ඉන්දියාව හා පකිස්තානය අතර තරග ඇතුලු සෙසු තරග සියල්ල ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනු ඇත.

 

ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාරියෙක් උපුටා දක්වමින් ගාල්ලේ දී හෝ පල්ලේකැලේ දී එම තරග පැවැත්වෙන බව PTI වාර්තා කළේය.

 

තරඟාවලිය සඳහා දැනට සැලසුම් කර ඇත්තේ සැප්තැම්බර් 1 සිට 17 දක්වා පැවැත්වීමටයි.

පකිස්තානයේ තරග පැවැත්වෙන්නේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේදීය.

 

පාකිස්තානය මුලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මධ්‍යස්ථ ස්ථානය ලෙස යෝජනා කළ නමුත් සැප්තැම්බර් මාසයේ මැද පෙරදිග ආන්තික කාලගුණය පිළිබඳව බංග්ලාදේශය කනස්සල්ල පළ කළේය.

 

ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙස ඕවර 50 ආකෘතියෙන් පැවැත්වීමට නියමිත රටවල් හයකින් සමන්විත ආසියානු කුසලානයේ දී ඉන්දියාව සහ පාකිස්තානය නේපාලය සමඟින් කාණ්ඩගත කර ඇත.

 

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අනෙක් කාණ්ඩයට ඇතුළත්.

 

ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අනුමැතිය පමා වීම මේ වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය මෙන්ම 2025 පකිස්ථානයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය වැනි ICC ඉසව් සඳහා ද තර්ජනයක් වී තිබුණි.

 

කෙසේ වෙතත් ආසියානු කුසලානය සම්බන්ධයෙන් අවසන් එකඟතාව පාකිස්තානය ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට පැමිණීමට ද මග විවර කර තිබේ.

 

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ඉදිරි පැය 48 තුල නිකුත් කෙරෙනු ඇත