January 6, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහට අපහාසාත්මක වන ආකාරයේ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පුද්ගලයන් හතරදෙනකු වෙත කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ, ජයන් චානක පතිරණ, දුලාජ් විජේකෝන්, චන්ද්‍රගුත්ත මහානාම සහ නවීන් කනිෂ්ක ප්‍රනාන්දු යන අය වෙත මෙම කොන්දේසි සහිත ආඥාව ලබන 20 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් නියෝග කරන ලදී.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

42.31%
17.27%
32.76%