April 10, 2025

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සහාපතිවරයෙකු වන අශෝක වික්‍රමසිංහ ඇප මත මුදාහැර තිබේ.

ඒ , ඔහු තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කතරගම ප්‍රදේශයේ රාජපක්ෂ පවුලට අයත් නිවසක් සම්බන්ධ ලේඛන සකස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැණුනේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනි.

සැකකාර හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවුවේය.

මේ අතර, අදාළ නිවස ඉදිරිකිරීමේ කටයුතු භාරව සිටි බව කියන ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වන එල්. ඒ. විමලරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, ද අධිකරණය නියෝග කළේ ය.

අශෝක වික්‍රමසිංහ, මෙවර පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයෙකි.