July 6, 2024

දිඹුලාගල, වැලිකන්ද, අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා ඇට වර්ගයක් කෑ බව කියන එම විද්‍යාලයේ සිසු සිසුවියන් හත්දෙනකු, ඊයේ (05) රෝහල්ගත කෙරුණු බව වැලිකන්ද පොලිසිය උපුටා දන්වමින් ජනමාධ්‍ය වාර්තා කරයි.

එම ඇට කෑමෙන් පසු අසනීපවූ හත්දෙනාට පිරිමි ළමයි සිවුදෙනකු සහ සහ ගැහැනු ළමයි තිදෙනකු ඇතුළත් වන බව පැවැසේ.

ඔවුන් වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කර 9 වසරේ සිසුවියක ඊයේ උදෑසන එම ඇට පාසලට ගෙනැවිත් යහළුවන්ට කෑමට ලබාදීමෙන් මත්වී ඇතැයි කියති.

රෝහල්ගත කර ඇත්තේ අසේලපුර මහා විද්‍යාලයේ 9, 10, 11 හා 12 වසර ඉගෙනුම ලබන සිසුන් හත්දෙනකු බවද පොලිසිය සඳහන් කර තිබේ.

ජනමාධ්‍ය මේ පිළිබඳ අසේලපුර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ සිසුවියක ගෙනා ඇට අනෙක් සිසුන් සමග කෑමට ගැනීම හේතුවෙන් පිරිස අසනීප වී ඇති බවයි.

42.31%
17.27%
32.76%