Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු ගණනාවක් හෙළිකළ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්යක්ෂ අසංග අබේගුණසේකර අද (21) අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
ඔහු දිවයිනට පැමිණීමේදී කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අසංග අබේගුණසේකරව ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරය දැරූ සමයේදී ආරක්ෂක විද්‍යායතනයෙන් ස්ථාන මාරුකිරීමට කටයුතු කර තිබිණි.
පසුව ඔහු විසින් යූටියුබ් වැඩසටහනකදි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනාත්මක කරුණු රාශියක් හෙළිදරව් කරන ලදී.
එම වැඩසටහන අදාළ යූටියුබ් නාලිකාවෙන් ඉවත් කර ඇත්තේ යම් යම් දේශපාලන බලපෑම් මත බවට පැවසේ.
කෙසේවෙතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නඩුවකට අදාළව නිකුත් කර ඇති විවෘත වරෙන්තුවකට අනුව අසංග අබේගුණසේකර අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අසංග අබේගුණසේකර මෙරට ප්‍රසිද්ධ දේශපාලකයකු වූ ඔසී අබේගුණසේකරගේ පුත්‍රයායි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart