October 28, 2024

ප්‍රදේශවාසීන් සහ ආරුගම්බේ සංචාරක කලාපයේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් පෙන්වාදෙන්නේ ප්‍රදේශයට විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ අසාමාන්‍ය අඩුවීමක් දක්නට නොලැබුණත්, මෙය ප්‍රදේශයේ නිවාඩු කාලය නිසා එහි සාමාන්‍ය පරිදි යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

එක්සත් ජනපදය ප්‍රමුඛ සංචාරක උපදේශනවලට අනුව ඊශ්‍රායල සංචාරකයන් කිහිපදෙනකු ප්‍රදේශයෙන් පිටව ගියද, මේ වන විට අවාරයේ වුවද දේශීය සංචාරකයන්ගේ විශාල පැමිණීමක් දැකගත හැකිබව ඔවුහු පවසති.

ආරුගම්බේ සංචාරක කලාපයට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු රැස්කිරීමේ කටයුතු ප්‍රදේශයේ ජන ජීවිතයටද බලපා නැත.

එම ප්‍රදේශයේ ධීවර කර්මාන්තය සාමාන්‍ය පරිදි සිදුවන බව ඔවුහු පෙන්වාදෙති.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ කොවිඩ් වසංගතයෙන් පසු දීර්ඝ කාලයකට පසු සංචාරක ව්‍යාපාරය ප්‍රදේශයේ දියුණු වෙමින් පවතින බව සංචාරක හෝටල් හිමිකරුවෝ පෙන්වාදෙති.

දැන් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට නිවාඩු කාලය බවත්, සංචාරකයන් සඳහා සාධාරණ මිලකට හෝටල් පහසුකම් තිබෙන බවත් ඔවුහු පවසති.

42.31%
17.27%
32.76%