August 22, 2024

අනාගත ගෝලීය ප්‍රවණතා සඳහා මුහුණ දිය හැකි පුරවැසියන් බිහි කිරීමත්, ආර්ථික සංවර්ධනයට ඵලදායී ලෙස ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමත් යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි පාසල් සිසුන්ට කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත අධ්‍යයන කටයුතුවල නියැලීමට අවස්ථාව සැලසීම සුදුසු බවට රජය හඳුනාගෙන ඇත.

ඒ අනුව, එහි ආරම්භක පියවරක් වශයෙන් තෝරා ගත් පාසල් 100ක 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගේ සහභාගිත්වයෙන් ‘කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ’ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල මත පදනම්ව ඉදිරි වර්ෂයන් තුළදී මෙම වැඩසටහන අනෙකුත් පාසල් සඳහා ව්‍යාප්ත කිරීමටත් තාක්ෂණ ඇමතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.