Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ‘Galle Marvels’ කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් තාකූර් දැඩි ඇප කොන්දේසි මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මුදාහැර තිබේ.
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ලංකා T10 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා මත තාකූර් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටියේය.
ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 50ක මුදල් ඇප මත රුපියල් මිලියන 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
සැකකරුට සෑම බදාදා දිනකම පොලිස් ක්‍රීඩා දූෂණ මර්දන අංශය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කෙරිණි.
ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කර අධිකරණයට භාර දෙන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී නීතිඥ කාලිංග ඉන්දතිස්ස නීතිඥ කණ්ඩායමක් සමඟ පෙනී සිටිමින් සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ පොලිස් පරීක්ෂණවල ප්‍රධාන කොටසක් මේ වන විටත් අවසන් කර ඇති බැවිනි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ උදාර කරුණාතිලක ප්‍රකාශ කළේ සිද්ධියට අදාළ ඇතැම් වැදගත් කරුණු සම්බන්ධයෙන් තවමත් විමර්ශනය කිරීමට ඇති බවත් සැකකරුට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.
මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැර වැඩිදුර පරීක්ෂණ 2025 ජනවාරි 27 දිනට කල් තැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart