February 8, 2025

පොල්හගවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැත්තෑදහස් පනස් එකක (14,070,051) මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ වැටළීමේදී පිස්තෝල සඳහා භාවිත කරන මිලිමීටර් නවයේ උණ්ඩ 43ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

එක් සැකකරුවකු 22 හැවිරිදි වියේ පසුවන නාවික හමුදාවෙන් පළාගිය සෙබළකු වන අතර ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී එම පතරොම් තොගය සොයාගත් බව පොලිසිය පවසයි.

අනෙක් සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 38 යන වයස්වල පසුවන මාඑළිය සහ අලව්ව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවැසේ.

සැකකරුවන් එලෙස වංචනික ලෙස මුදල් ලබාගෙන ඇත්තේ කුකුළු ගොවිපළ හිමියකුගේ බැංකු ගිණුමකින් බව වාර්තා වේ.

ලද තොරතුරකට අනුව පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැටළීම සිදුකර තිබේ.

42.31%
17.27%
32.76%