
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශවල සිට මෝටර් රථ අමතර කොටස් ගෙන්වනු ලබන කන්ටේනර් පෙට්ටිවල බහා මෙරට ප්‍රසිද්ධ රාත්‍රී සමාජශාලාවල අලෙවි කිරීම සඳහා විදේශීය මත්පැන් ගෙන්වීමේ මහ පරිමාණ ජාවාරමක් අනාවරණය කර ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළඇණිය ඊයේ සමත් විය.
ඒ අනුව නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ මෝටර් රථ වාහන අමතර කොටස් ආනයනය කර බෙදාහරිනු ලබන ව්‍යාපාරික මධ්‍යස්ථානයක තිබී එලෙස ගෙන්වනු ලැබූ රුපියල් කෝටියක් වටිනා විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිවිය.
එම ව්‍යාපරික මධ්‍යස්ථානයේ බිම් මහලේ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර සඟවා ඉතා සූක්ෂ්ම ලෙස රහසිගත අයුරින් සඟවා තිබූ මෙම මත්පැන් තොගය සමඟ එහි කළමනාකරුද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මහරගම පදිංචි 59 හැවිරිදි අයෙකි.
කොල්ලුපිටිය සහ කොට්ටාව ප්‍රදේශයේ ජනප්‍රිය රාත්‍රි සමාජ ශාලාවක හිමිකරුවකු විසින් එම රාත්‍රි සමාජ ශාලාවලට නිකුත් කිරීම සඳහා එම ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරික මධ්‍යස්ථානයක තොග වශයෙන් තබා ගනිමින් එම ස්ථානයේ සිට මෙම ව්‍යාපාරිකයාගේ රාත්‍රි සමාජ ශාලා වෙත මෙම මත්පැන් බෝතල් ගෙන ගොස් ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද විදේශීය මත්පැන් අතර VAT 69, Label 5, Chivas Regal, Baileys, Jack Daniel’s, Johnnie Walker, Black Label, Gold Label, Jose Jose Cuervo Especial Blue Agave Tequila, Jose Cuervo Especial Silver tequila, Absolut Raspberri විදේශීය මත්පැන් තොගයක් තිබී ඇත.
තීරුබදු නොගෙවා බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් විකිණීම මගින් රජයට අයවිය යුතු මුදල් කෝටි ගණනින් අහිමි වීම සම්බන්ධයෙන් මෙම වැටළීම සිදුකර තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart