March 28, 2025

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන හමුදා සෙබළකු නීතිවිරෝධීව සන්තකයේ තබාගත් T56 උණ්ඩයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් වාර්තා හෙළිකරන ආකාරයට මෙම සෙබළා පසුගිය මාර්තු 20 වැනි දින නිවාඩු ගොස් නැවත මාර්තු 25 වැනිදා සේවයට වාර්තා කර ඇත.

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපනය කර ඇති ස්කෑන් යන්ත්‍රයෙන් ඔහුගේ බෑගය ස්කෑන් කර බැලීමේදි, එහි තිබූ මෙම ජීව උණ්ඩය සොයාගෙන ඇත.

ඒ අනුව ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන, යුද හමුදා සංඥා බලකායට අයත් මෙම සෙබළා අත්අඩංගුවට ගෙන තිබේ.