August 11, 2023

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය ආලෝකවත් කිරීම සදහා යුද හමුදාව සිදු කරන කොප්පරා පූජාව දළදා මාළිගාවේ දී අද(11) සිදුකෙරිණි.

පෙරහැර ගමන් ගන්නා වීථි ආලෝකවත් කිරීම සදහා කොප්පරා පන්දම් යොදාගන්නා අතර, ඒ සදහා අවශ්‍ය සම්පූර්ණ කොප්පරා ප්‍රමාණය වන කිලෝ 20,000කට ආසන්න ප්‍රමාණය යුද හමුදාව ශ්‍රී දළදා මාළිගාවට මෙලෙස පරිත්‍යාග කෙරිණි.

යුද හමුදාව 2014 වසරේ සිට වසර 10 ක කාලයක් මෙම පිංකම සිදු කරනු ලබයි.

මෙම කොප්පරා තොගය සකස් කර ඇත්තේ බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුව විසිනි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.