May 3, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ හිටපු ඇමැති අර්ජුන රණතුංග, තමන් සමගි ජන බලවේගය පක්ෂයට එක් වූ බවට පසුගිය දිනවල පළවූ වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු ඉකුත් මැයි 01 වැනිදා තලවකැලේ ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේගයේ මැයි දින රැලියට සහභාගී වීමෙන් අනතුරුව එම වාර්තා පළවිය.

කෙසේවෙතත් අර්ජුණ රණතුංග පවසන්නේ තමන් එම රැළිය සඳහා සහභාගී වූයේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සිදුකළ ආරාධනයකට අනුව බවයි.

එය තමන් සමගි ජනබලවේගය සමග එක් වූ බවට අර්ථකථනය නොකළ යුතු බව ද අර්ජුණ රණතුංග පවසා තිබේ.

42.31%
17.27%
32.76%