December 5, 2024

දීර්ඝ නිවාඩු කාලවලදී ළමුන් මුහුණ පෑ හැකි අවදානම් කාණ්ඩයේ තිබෙන සැඟවුණු අනතුරක් ගැන අමෙරිකානු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන මේගන් මාටින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

බොහෝ පවුල් නිවාඩු සමය සඳහා සූදානම් වන විට ඔවුන් පසුපස ඇති ප්‍රසිද්ධියෙන් අඩු, එහෙත් දරුවන්ට මාරාන්තික විය හැකි අවදානමක් ගැන ඇය මව්පියන්ට අනතුරු අඟවා තිබේ.

“Granny’s Purse Syndrome” ලෙස හඳුන්වන මෙම අවදානම ආච්චිලාගේ මුදල් පසුම්බිවල ඇති අයිතමයන් නිසා නොදැනුවත්වම දරුවන්ට අනතුරක් විය හැකි තත්ත්වයක් බව වෛද්‍යවරිය පවසයි.

අලුතින් නිකුත් කරන ලද TikTok වීඩියෝවකින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය මේගන් මාටින් දරුවන් වෙත නිරන්තරයෙන් ලබාදිය යුතු දෙමාපියන්ගේ අවධානයේ වටිනාකම අවධාරණය කර ඇත.

එම වීඩියෝව සඳහා මේ වනවිට ඉතා හොඳ ප්‍රතිචාර හිමිවෙමින් පවතින බව විදෙස් ජනමාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

වීඩියෝව සඳහා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බොහෝදෙනෙකු, මෙම නිවාඩු කාලයේදී සිය මව්පියන් වෙත දරුවන් භාර දී රැකියාව හෝ වෙනයම් කටයුතු සඳහා පිටව යන තරුණ මව්පියන් හෝ දීර්ඝ නිවාඩුවක් සඳහා සිය දරුවන් සමග මව්පියන් වෙත ගොස් සිටින තරුණ මව්පියන් වේ.

ඔවුන් පවසන්නේ, වෛද්‍යවරියගේ වීඩියෝව හමුවේ සැඟව තිබුණු, එහෙත් තමන් නුදුටු අවදානම් සම්බන්ධයෙන් දැනුවත් වූ බවයි.

වෛද්‍ය මේගන් මාටින් සිය TikTok වීඩියෝව මගින් පෙන්වාදෙන පරිදි, බොහෝ ආච්චිලා සීයලා තම පසුම්බිවල කුඩා වස්තූන් එනම් බෙහෙත් වට්ටෝරු හෝ පැරණි කාසි වැනි පොදු භාණ්ඩ රැගෙන යයි.

ඒ සම්බන්ධයෙන් ඔවුන් විමසිලිමත් නොවීම, කුඩා දරුවන්ට බරපතල හුස්ම හිරවීම හෝ විෂ උවදුරු නිර්මාණය කළ හැකිය.

බොහෝවිට ඒකාරාශීවීම් සහ සාමාජිකයන් රැසක් සිටින පවුල් ඒකරාශී වීම සිදුවන මෙවැනි නිවාඩු සමයවල් සමඟ, එවැනි අයිතම ළමුන්න්ට ළඟාවිය නොහැකි ලෙස තබාගැනීම සහතික කිරීමට ක්‍රියාශීලී වන ලෙස ඇය මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා මෙවැනි කාලවලදී, එනම් උත්සව සමයේදී කාර්යය බහුල වන්නේ දරුවන්ට අහම්බෙන් විවිධ දෑ ශරීරගත වීම සහ ඒ ආශ්‍රිත තුවාල වැඩිවීමක් සමග බැවින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම තීරණාත්මක බව ඇය පවසයි.

අවදානම් පිළිබඳව ආච්චිලා සීයලා දැනුවත් කරන ලෙසත්, සැමරුම් අතරතුර තම දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා මුදල් පසුම්බි සුරක්ෂිත කිරීම හෝ ප්‍රවේශ සහගත සන දරුවන්ට ළඟාවිය නොහැකි ස්ථානවල තැබීම වැනි සරල පූර්වාරක්ෂාවන් ගැනීමටත් දෙමාපියන් දිරිමත් කරන බව ද ඇය පෙන්වාදෙයි.

“ඔබ නිවාඩු කාලය සඳහා ඔබේ පවුලේ අය සමඟ කාලය ගත කරන්නේ නම්, ‘ග්‍රැනී සින්ඩ්‍රෝමය’ හෝ ‘ග්‍රැනීස් පර්ස් සින්ඩ්‍රෝමය’ යනුවෙන් හැඳින්වෙන දෙයක් ගැන දැන ගැනීම වැදගත් වේ,” ඇය පවසයි.

42.31%
17.27%
32.76%