Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝගී රැඳවියන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා කප්පම් ඉල්ලූ බව කියන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මෙතෙක් නිසි විමර්ශනයක් ආරම්භ කර විමර්ශනයක් කර නැතැයි වාර්තා වේ.
ඉහළ බන්ධනාගාර නිලධාරීන් කටයුත්ත ප්‍රමාද කරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.
මේ අතර සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව අවධාරණය කරන්නේ මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.
බන්ධනාගාරයේ පසුවන රැඳවියන් රෝහල්ගත කිරීම සඳහා එම රැඳවියන්ගෙන් කප්පම් ඉල්ලා සිටින බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු සම්බන්ධව සිරකරු සුබ සාධක සංගමය හෙළිකොට ඇති බැවින් එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සිවිල් සංවිධාන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත කළ වහාම බන්ධනාගාර රෝහලට මාරුකිරීමට වෛද්‍යවරියක කටයුතු කිරීම සම්බන්ධයෙන් මීට පෙරද චෝදනා එල්ල විය.
බන්ධනාගාර රෝහලේ රැඳවියන්ගෙන් මෙම කප්පම් ගන්නා වෛද්‍යවරයා මීට පෙර බන්ධනාගාරය තුළ කොවිඩ් සමයේදී රැඳවියන් ඝාතනය කරන අවස්ථාවේදීද එම සිදුවීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇතැයි සිවිල් සංවිධාන පෙන්වා දෙයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මෙම වෛද්‍යවරයා දිගින් දිගටම බන්ධනාගාර රෝහල තුළ රඳවා තැබීමට කටයුතු කර ඇති බවත් මොහු දැනට බන්ධනාගාර රෝහල භාර අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරන බවටද තොරතුරු ලැබී ඇති බැවින් වහාම මේ සම්බන්ධව පියවර ගත යුතු බව සිවිල් සංවිධාන අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart