May 6, 2024

ලෝක කුසලාන තරඟාවලිවලදී, ශ්‍රී ලංකා තේරීම් කමිටුව සංචිත තේරීම සම්බන්ධයෙන් සාම්ප්‍රදායිකව දුෂ්කර අභියෝගවලට මුහුණ දී ඇත.

වරින්වර, තේරීම් කමිටුවලට දැඩි තීරණ ගැනීමට සිදු වූ අවස්ථා ද තිබේ.

ඒවායින් සමහරක් සාර්ථක වූ අතර සමහරක් කම්පන සහගත වැරදි බවට පත් විය.

2019 එක්දින ලෝක කුසලානය සඳහා වන සංචිතයට ජෙෆ්රි වැන්ඩර්සේ සහ ජීවන් මෙන්ඩිස් ඇතුළත් කිරීමට තරුණ වනිඳු හසරංග සංචිත ක්‍රීඩකයකු ලෙස ඉවත් කිරීම එවැනි තීරණයකි.

සාමාන්‍යයෙන්, වේගපන්දු යවන්නන් සම්බන්ධයෙන් තෝරා ගැනීමට තරම් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාව සතුව නොසිටීම නිසා තේරීම් කමිටුවට දඟ පන්දු යවන්නන් හෝ පිතිකරුවන් තෝරා ගැනීම සැමවිටම දුෂ්කර විය.

කෙසේවෙතත්, විවාදාත්මක ලෙස ඉතිහාසයේ පළමු වතාවට, අමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන ඉදිරි T20 ලෝක කුසලානය සඳහා වන අවසන් 15 දෙනාගෙන් යුත් සංචිතයට වේග පන්දු යවන්නන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු නම් කිරීමේදී ජාතික තේරීම් කමිටුවට ඉතා දුෂ්කර තේරීමක් කිරීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවේ මූලික සංචිතයට දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, ප්‍රොමෝද් මධුෂාන්, මතීෂ පතිරණ, ලහිරු කුමාර, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු ඇතුළත්ව සිටිති.

තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක ක්‍රීඩා කරන XI කණ්ඩායමේ සිටින බව බොහෝ දුරට විශ්වාස බැවින් තේරීම් කමිටුව වේග පන්දු යවන්නන් හතර දෙනෙකු සමඟින් තරග වදිනු ඇත.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවේ හොඳම වේග පන්දු යවන්නා අසිත ප්‍රනාන්දු විය හැකිය.

ඔහු හොඳ වේගයක් ලබා ඇති අතර පිතිකරුවන්ට ප්‍රමාණවත් කරදරයක් වන පරිදි නව පන්දුව දෝලනය කරයි.

එහෙත් වඩාත්ම වැදගත් දෙය නම් ඔහු ශ්‍රී ලංකාවේ නීල් වැග්නර්ය.

ගමන දුෂ්කර වූ විට නායකයන් නැඹුරු වන්නේ ප්‍රනාන්දු වෙතය.

කෙසේවෙතත්, ඔහුගේ T20 දස්කම් අනුව ලෝක කුසලාන සංචිතයට නම් කිරීමට ඇති ඉඩකඩ අඩුම පුද්ගලයා ඔහු විය හැකිය.

අනෙක් අතට පසුගිය කාලය තුළ බිනුර ප්‍රනාන්දුට අවස්ථා රැසක් හිමිවිය.

මධ්‍යම වේග පන්දු යවන්නා ඔහුගේ ක්‍රිකට් දිවිය පුරාම බොහෝ තුවාල ලබා ඇති අතර මූලික සංචිතයේ සිටින මන්දගාමීම පන්දු යවන්නා විය හැකිය.

කෙසේවෙතත්, ලෝක කුසලානය සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ඩ්‍රොප්-ඉන් තණතීරු භාවිත කිරීමට අපේක්ෂා කරන අතර, ඔහුගේ වෙනස්කම් එවැනි තත්වයන් තුළ ප්‍රයෝජනවත් විය හැකිය.

ප්‍රමෝද් මධුෂාන් මෙන්ම බිනුර ප්‍රනාන්දු ද කෙටි ආකෘතීන් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇතත්, ප්‍රධාන වශයෙන් ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ආබාධයකට ලක්වූ අවස්තාවලය.

ඔහු නව පන්දුවෙන් හොඳින් දස්කම් දක්වා ඇතත් T20 තරඟවලදී, තීරණාත්මක අවසන් ඕවර යැවීම කණ්ඩායමේ සාර්ථකත්වයට බෙහෙවින් උපකාරී වේ.

එහෙත් එය ඔහුගෙන් අපේක්ෂා කළ හැකිද යන්න කිව නොහැක.

වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගත් විට තමාටම නමක් දිනා ගත්තේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් විරාත් කෝලි දවා ගැනීම ඉතා ප්‍රසිද්ධියට පත් කළ නමුත් පසුගිය කිහිපය තුළ ඔහු බංකුවට සීමා වීම නිසා ඔහුගේ දස්කම්වල විශාල පහත වැටීමක් සිදු විය.

ඔහු තම රිද්මය නැවත සොයා ගන්නේ නම්, ඔහු නොසළකා හැරීම ඉතා අපහසු වනු ඇත.

ලහිරු කුමාර වසර ගණනාවක් තිස්සේ සැබවින්ම නොගැළපෙන තත්ත්වයක සිටිය ද මෑත අතීතයේ දී ඔහුගේ පන්දු යැවීමට අවශ්‍ය පාලනයක් ලබා ගැනීම සඳහා ඔහුට යම් වේගයක් අහිමි වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

නමුත් නැවතත්, ඔහු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකාවේ හොඳම වේග පන්දු යවන්නන් හතර දෙනාගෙන් කෙනෙක්ද? මෙය විශාල ප්‍රශ්නාර්ථයක් ලෙස පවතී.

චෙන්නායි සුපර් කිංග්ස් සඳහා දැනට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දස්කම් දක්වන මතීෂ පතිරණ යෝග්‍යතාවයෙන් සිටියහොත් ක්‍රීඩා කරන XI සඳහා නම් කරන පළමු අයගෙන් කෙනෙකු වීමට ඉඩ ඇත.

කෙසේවෙතත්, සති කිහිපයක සිට ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට තරඟ කිහිපයක් අහිමි වීම කණගාටුවට කරුණකි.

නුවන් තුෂාර ද හිටපු විශිෂ්ඨ ලසිත් මාලිංගගේ ක්‍රියාකලාපය හා සමානව තවත් ‘බේබි මාලිංග’ කෙනෙකු ලෙස සැළකේ.

එහෙත් තුෂාර සහ පතිරණ සම්පූර්ණයෙන්ම වෙනස්ය.

පතිරණ අවසන් පන්දු ඕවර යැවීම අතින් ඉදිරියෙන් සිටියද චෙන්නායි කණ්ඩායම ඔහුට නව පන්දුවෙන් ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නේ යන්තමිනි.

අනෙක් අතට, වේගය අතින් බොහෝ අඩු තුෂාර, නව පන්දුවෙන් සුපිරි ලෙස පන්දු යවමින්, මාස දෙකකට පෙර බංග්ලාදේශය තනි අතින් බිඳ දැමීම ඊට කදිම නිදසුනකි.

කෙසේවෙතත් මේ වන විට ඔහු එම මට්ටමේම නොසිටනවා විය හැකිය.

ලංකාවේ ලසිත් මාලිංගට අවුරුදු 15කට ආසන්න කාලයක් මේ ලක්‍ෂණ දෙකම තිබූ බවත් සමහර දේවලට ආදරයක් ඇතිවන්නේ ඒවා අහිමි වූ පසුව බවත් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අවබෝධ කරගෙන සිටී.

දුෂ්මන්ත චමීර පශ්චාත් මාලිංග යුගයේ ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටි නමුත් ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු මෙන්ම ඔහුද බොහෝ ආබාධයන්ට ලක්ව ඇත.

ඔහු මේ වන විට IPL තරඟාවලියේ සම්පූර්ණයෙන් පැතලි කඩුලු මත ක්‍රීඩා කරමින් එතරම් සාර්ථක වී නොමැති වුවත් ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ කඩුලුවලින් වැඩි සහායක් ලබා ගැනීමට ඉඩ ඇත.