Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේ අර්ජුනා මන්ත්‍රීවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී නිලධාරීන්ට බැණ වැදීම හා තර්ජනය කිරිම නිසා රැස්වීමේ සිටි සියලුදෙනා ඔහු ඉවත්කරන ලෙසට 14 දා බලකොට තිබේ.
සංවර්ධන කමිටුවේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍යවරයා ඇතිවූ තත්ත්වය සමථයකට පත්කර ගෙන රැස්වීම ඉදිරියට ගෙන ගොස් තිබේ.
එහෙත් රැස්වීම අවසන් වීමට විනාඩි කීපයකට පෙර අර්ජුනා මන්ත්‍රීවරයාට ආමන්ත්‍රණය කිරීමේදී එක් රාජ්‍ය නිලධාරියකු සර් නොකීම නිසා කිපී ඇති ඔහු එම නිලධාරියා සමග ද බහින්බස් වී තිබේ.
යාපනයේ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු සාකච්ඡා වූ අවස්ථාවේ නිලධාරීන් විසින් දක්වන අදහස්වලට විරුද්ධ අදහස් දක්වමින් අර්ජුනා මන්ත්‍රීවරයා කෑකෝ ගසන්නට පටන් ගැනීම නිසා යාපනයේ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් ඔහුව රැස්වීම් ශාලාවෙන් ඉවත්කරන ලෙස ඉල්ලා තිබේ.
ඔහු ඉවත්කිරීමට පියවර නොගන්නේ නම් තමන් රැස්වීමෙන් පිටව යන බව නිලධාරීන් තරයේම ප්‍රකාශ කිරීම නිසා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ කටයුතු විනාඩි ගණනාවකට නැවතී තිබේ.
මේ වන විට අර්චුනා මන්ත්‍රීවරයා පිළිබඳව යාපනයේ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතර ඇතිව තිබෙන්නේ ඉතාම අප්‍රසන්න හැඟීමක් හා අමුතු චිත්රයකි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart