November 14, 2024

එංගලන්ත පල්ලියේ ප්‍රධානියා සහ ගෝලීය ඇන්ග්ලිකන් හවුලෙහි අධ්‍යාත්මික නායකයා වන කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ක්‍රිස්තියානි ගිම්හාන කඳවුරුවල ස්වේච්ඡා සේවකයෙකු විසින් සිදුකරන ලද කායික හා ලිංගික අපයෝජන පිළිබඳව දැනුවත්ව සිටියද, ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට ඔහු අපොහොසත් වූ බව, ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී තිබේ.

ඒ හමුවේ ඔහුට දැඩි පීඩනයක් එල්ල වී ඇත.

එවැනි සිදුවීම් අනාවරණ නොකිරීම පල්ලියේ ඉහළම ස්ථානවල වගවීම නොමැතිකම බවට මතවාදයක් නිර්මාණය වී ඇතැයි සඳහන් වේ.

“මෙම තීරණය, මම ඉමහත් ලෙස ආදරය කරන සහ සේවය කිරීමෙන් මා ගෞරවයට පාත්‍ර වූ එංගලන්ත පල්ලියේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි” යනුවෙන් වෙල්බි සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ප්‍රකාශ කර තිබේ.

පල්ලියේ ජාතික සභාවේ සමහර සාමාජිකයන් කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි කෙරෙහි අනෙකුත් පූජකයන්ගේ විශ්වාසය නැති වී ඇති බැවින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කිරීමෙන් පසුව ඔහු ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

 

42.31%
17.27%
32.76%