November 13, 2023

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු වන ක්‍රීඩක අරවින්ද ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන Hall of Fame ගෞරව නාමයෙන් පිදුම්ලබා ති⁣බේ.

1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ශතකයක් රැස්කරමින් ශූරතාව ශ්‍රී ලංකාවට හිමිකරදීමට වැඩි දායකත්වයක් දැක්වූ අරවින්ද ද සිල්වා, එක්දින තරග 308කදී ලකුණු 9284 රැස්කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කදී ලකුණු 6361ක් රැස්කර කිරීමට ද අරවින්ද සිල්වා සමත්විය.

අරවින්දට පෙර මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ICCයේ මෙම විශිෂ්ඨතම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

ඉන්දියාවේ විරෙන්ද්‍ර ⁣ෂෙවාග් ද මෙවර Hall of Fame ගෞරව නාමයෙන් මෙවර පිදුම් ලැබූ අතර, ඉන්දීය හිටපු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ඩයනා එඩුල්ජි ද ඉන් පිදුම්ලබා ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කරන ඉහළම ගෞරව නාමය Hall of Fame හැදින්වේ.