Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ක්‍රිකට් පරිපාලනය නිවැරදි සැලසුමක් අනුව ගෙන නොගියහොත් ජාතික කණ්ඩායම කඩාවැටීම වැලැක්වීමට නොහැකි බවත්, මේ වනවිට සිදුවී ඇත්තේ එය බවත්, 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායක අරවින්ද ද සිල්වා සඳහන් කර ඇත.
එමෙන්ම කණ්ඩායමේ විනය ඉතා වැදගත් බවත ඔහු පවසයි.
වත්මන් ජාතික කණ්ඩායම තුළ දක්‍ෂ ක්‍රීඩකයන් රැසක් සිටිය ද ඔවුන්ට නිවැරදි මගපෙන්වීමක් කළ හැකි ක්‍රිකට් පරිපාලනයක් නොමැති වීම ඉතා කනගාටුදායක බව හෙතෙම සඳහන් කර තිබේ.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුර්වල පරිපාලනය හේතුවෙන් ක්‍රිකට් කණ්ඩායමට අත්වී ඇති ඉරණම පිළිබඳව ‘දිවයින පුවත්පත’ විමසා සිටි අවස්ථාවේ අරවින්ද එසේ පවසා ඇත.
ඔහු එහිදී මෙසේද සඳහන් කර තිබේ.
”අපි සෙල්ලම් කරන කාලේ ක්‍රිකට් බෝඩ් එක හරියට පවත්වාගෙන ගියා. ඔවුන් කණ්ඩායමේ විනය, අංක එකට තියාගෙන ආවා. ඒ වගේම ක්‍රීඩකයන් ගැන නිතර සොයාබැලුවා. මේ නිසා ක්‍රීඩකයන් වුණත් හරියට සෙල්ලම් කළා. වැරදි වැඩ කළේ නැහැ. අද තත්ත්වය වෙනස්. පරිපාලනය හරියට කළේ නැත්නම් ක්‍රීඩකයන් නොමඟ යන්න පුළුවන්. ඉතා හොඳ දක්‍ෂ තරුණ ක්‍රීඩකයන් කණ්ඩායම තුළ ඉන්නවා. ඔවුන්ට නිසි මග පෙන්වීමක් කළ හැකි පරිපාලනයක් තමයි නැත්තේ.
දැන්වත් හරි ප්ලෑන් එකක් අනුව පරිපාලනය ගෙන ගියේ නැත්නම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තව තවත් ඇද වැටෙන්න පුළුවන්. නීති රීති මාලාවක් දාන්න. පරිපාලනය මාරු කරලා ක්‍රිකට් වලට ආදරය කරන රට ගැන හිතන පිරිසක් පත්කරන්න ඕනේ. අපි සෙල්ලම් කරන කාලයේ ක්‍රිකට් පරිපාලනය ඉතා හොඳ මට්ටමක තිබුණා.
මේ විදිහට ගියොත් හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ අනාගතය විනාශ වෙලා යන්න පුළුවන්. මම, අර්ජුන ඇතුළු කණ්ඩායම හට මේ බෝඩ් එක භාරදුන්නොත් කළ හැකි උපරිම සේවාවන් රට වෙනුවෙන් කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart