
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති අධිකරණ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී, අධිකරණවල ගොඩගැසී ඇති විශාල නඩු සංඛ්‍යාව, නඩු විසඳීමට ගතවන විශාල කාලය සහ ප්‍රමාණවත් තරම් විනිසුරුවරු නොමැතිවීම පිළිබඳ දැඩි කතාබහක් ඇතිවිය.
කඩිනමින් නඩු විසඳා ජනතාවට සහන සැලසීමට නම් අඩුම තරමින් මහේස්ත්‍රාත්වරු 100ක් බඳවා ගත යුතුව ඇති බවට තක්සේරු කෙරී ඇතැයි වාර්තා වේ.
පසුගිය කාලයේ ඉහළ අධිකරණවල විනිසුරු සංඛ්‍යාව වැඩිකරන ලදී.
අලුත් අධිකරණ කලාප ඇතිකරන ලද අතර, සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ ස්ථිර අධිකරණ බවට පත්කර ඇත.
එහෙත් මේ අධිකරණ සඳහා මහේස්ත්‍රාත්වරු හා දිසා විනිසුරුවරු පත්නොකිරීම නිසා මහජනතාවට කිසිදු සහනයක් අත්ව නැත.
කොළොන්නාව මහේස්ත්‍රාත් අධිකරණය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර බොහෝ කාලයක් ගතව ඇතත් තවමත් අධිකරණය ආරම්භ කිරීමට පියවරගෙන නොමැති අතර, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත්වරයකු පත්කිරීමටද පියවර ගෙන නැත.
අධිකරණ අමාත්‍යංශය විසින් අධිකරණ ඇතිකිරීම හා මහේස්ත්‍රාත්වරු පත්කිරීම සම්බන්ධව විශාල වියදමක් දරා අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ සැලැස්මක් සකසා ඇතත්, එකී වාර්තාව මුද්‍රණය කිරීමට පමණක් සීමාවී ඇත.
නව පනතක් මඟින් මහජනතාව දැඩි පීඩනයට පත්වන සුළු ණය මුදල් නොගෙවා පැහැරහැරීම සම්බන්ධව පවරන නඩු කඩිනමින් විසඳීම සඳහා සුළු හිමිකම් අධිකරණ ඇති කිරීමට නීති සම්පාදනය කර තිබේ.
මහාධිකරණවල පවතින විශාල නඩු සංඛ්‍යාව කඩිනමින් විසඳීම සඳහා ලේඛකාධිකාරී විනිසුරුවරු පත්කිරීමට ප්‍රතිපාදන සකසා ඇත.
එහෙත් පනත සංශෝධනය කර විශාල කාලයක් ගතව ඇතත් මේවන තෙක් එකදු ලේඛකාධිකාරී විනිසුරුවරයෙක් පත්කර නොමැත.
සියලු අධිකරණ කලාපවල සුළු හිමිකම් අධිකරණ පිහිටුවිය යුතු වුවත් පිහිටුවා ඇත්තේ සුළු හිමිකම් අධිකරණ කිහිපයක් පමණි.
සෑම දිසා අධිකරණයකටම පූර්ව නඩු විභාගය සඳහා වෙනම දිසා විනිසුරුවරයෙක් පත්කළ යුතු වුවත් බොහෝ අධිකරණවල එකම විනිසුරුවරයා පූර්ව නඩු විභාගයද, නඩු විභාගයද සිදුකිරීම නිසා අධිකරණ පද්ධතිය ජනතාවට සහන සලසන තැනක් බවට පත්ව නැත.
අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ ඇමති මේ පිළිබඳ කිසිදු උනන්දුවක් නොදක්වන බව පෙනේ.
ළඟදී මහාධිකරණයට තවත් විනිසුරුවරු දසදෙනකු උසස් කිරීමට නියමිත අතර, එවිට පහළ අධිකරණවල විනිසුරුවරු සංඛ්‍යාව තවත් අඩුවේ.
මේ තත්වය මත 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක විය යුතු විනිසුරුවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුද මේ දක්වා ක්‍රියාත්මක කිරීමටද කටයුතු කෙරී නැත.
අතිරේක ලේකම්වරුද බොහෝ කාලයක සිට එම තනතුරු වලම රැදී සිටින බැවින් ආයතනයේ විනිවිදභාවය පිළිබඳ ගැටලු මතුවී ඇත.
විනිසුරුවරුන්ට විරුද්ධව පවතින විනය පරීක්ෂණද බොහෝ කාලයක් ගනිමින් අවසන් නොකිරීම නිසා එම විනිසුරුවරුද දැඩි අසාධාරණයට ලක්ව ඇත.
අධිකරණ සේවා කොමිසම 2024.06.28 වැනි දින මහේස්ත්‍රතාවරු පත්කිරීම සඳහා අයැදුම්පත් කැඳවා 2024.08.25 වන දින ලිඛිත විභාගය පවත්වන ලදී.
එයින් සමත්වූ පිරිස 2025 පෙබරවාරි 25, 27 හා 28 යන දිනවලදී සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ඇත.
අධිකරණ සේවා කොමිසමේ ලේඛකාධිකාරී 2025 මාර්තු 21 වන දින පිරිසකට ඔවුන්ව විනිසුරු තනතුරු සඳහා තෝරාගෙන ඇති බවත්, පත්වීම භාරගැනීම සඳහා 2025.04.01 වන දින පැමිණෙන ලෙසත් දුරකතනය මඟින් දන්වා තිබේ.
එහෙත්, 2025.03.27 වැනි අද දින වන විටත් පත්කළ පිරිසගේ නම් ඇතුළත් කිසිදු නිල ලේඛණයක් නිකුත් කර නොමැත.
ලැබී ඇති තොරතුරු අනුව පත්කිරීමට සුදුසුකම් නොමැති විවිධ චෝදනා ඇති මීගමුව අධිකරණයේ කටයුතු කරන නීතීඥවරයකුද තෝරාගෙන ඇත.
විනිසුරු තනතුරුවලට පත්කිරීමේදී, වැඩි පිරිසක් දැනුමෙන් මුහුකුරා ගිය අත්දැකීම් සහිත වයස අවුරුදු 35 -54 අතර පිරිස පත්කර ගැනීම වෙනදා සිදුවුවද, මෙවර වයස අවුරුදු 30ට ආසන්න අත්දැකීම් අඩු පිරිසක් තෝරාගෙන ඇති බවත්, අනෙකුත් සියලු සුදුසුකම් තිබුණද දරුවන් සිටීම නිසා කාන්තා අයැදුම්කාරියන් තෝරාගෙන නොමැති බවද වාර්තාවී තිබේ.
කාන්තා අගවිනිසුරුවරියක් සිටින රටක අනෙකුත් සියලු සුදුසුකම් තිබියදී දරුවන් සිටීම නුසුදුසුකමක් ලෙස අධිකරණ සේවා කොමිසම විසින් සැලකීම පුදුම සහගතය.
රටේ නීතියේ ආධිපත්‍ය රැකගැනීම සඳහා පහළ අධිකරණ වලට පත්කළ යුතු අවම තරමින් මහේස්ත්‍රාත්වරු සහ කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරු 100 දෙනෙක් පත්කර ගැනීමටවත් අධිකරණ ඇමති නීතීඥ හර්ෂණ නානායක්කාරට හෝ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් හිටපු සොලිසිටර් ජෙනරල් අයේෂා ජිනසේනට හෝ උවමනාවක් පවතින බව නොපෙනේ.
දැනට පවත්වා ඇති විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයෙන්ම අවම තරමින් තවත් විනිසුරුවරු 25 දෙනෙක්වත් පත්කිරීමට අධිකරණ ඇමති කටයුතු කරන්නේද, අවශ්‍ය මුදල් අමාත්‍යංශ අනුමැතිය ලබාගනීද, විනිසුරුවරු පත්කිරීම විනිවිද භාවයෙන් කරන්නේද යන්න පිළිබඳව රටම බලා සිටින බව කිවයුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart