51.99%
17.7%
23.19%
August 26, 2024

දිගු කලක් බලාසිටි ක්‍රම වෙනස(සිස්ටම් චේන්ජ්) ඇති කර දූෂණය පිටුදැකීමට හැකි සහ නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදිය හැකි බුද්ධිමත් නිර්භීත නායකයකු තෝරා පත්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියි.

“ජනතාවගේ සුබසාධනය සහ රටේ සංවර්ධනය වෙනුවෙන් තම ආත්මාර්ථකාමී අවශ්‍යතා සහ න්‍යායපත්‍ර සඳහා බලතල හා අධිකාරී තනතුරුවලට ආශා කරන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ යුතුය. දූෂණය සහ එහි සැබෑ රෝග තුරන් කිරීම සඳහා දිගු කලක් බලා සිටි ක්‍රමය වෙනස් කිරීම සඳහා රටට ප්‍රඥාවන්ත නිර්භීත නායකයකු අවශ්‍ය වේ.” යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි ප්‍රනාන්දු සහ ලේකම් බිෂොප් ජේ.ඩී. ඇන්තනි ජයකොඩි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමා සහ මහලේකම් දොන් ඇන්ටන් ජයකොඩි සහ කොළඹ සහායක රදගුරුතුමා ඇතුළු එම සභාවේ ප්‍රධාන සාමාජිකයන් සමඟ හමුවක් පැවැත්වීය.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශන, පාරිසරික ගැටළු සහ පල්ලියට සම්බන්ධ ගැටළු වැනි මාතෘකා පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.

51.99%
17.7%
23.19%