August 15, 2023

එතරම් ප්‍රසිද්ධියක් නොමැති සෙනෙට් සභික අන්වාර් උල් හක් කකාර් පාකිස්ථානයේ භාරකාර අගමැති ලෙස දිවුරුම් දී ඇත.

පසුගියදා ඔහු බලුකිස්ථාන අවාමි පක්ෂයේ ප්‍රධානි ධුරයෙන් ලෙසින් ඉවත් වී ඇත්තේ, සෙනෙට් සභිකයෙක් ලෙස ඉවත්ව යන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සහ විපක්ෂ නායක රාසා රියාස් විසින් ඡන්දය අධීක්‍ෂණය කිරීමට සහ ජනතාවට නව ආණ්ඩුවක් පත් කරන තෙක් රජයේ එදිනෙදා කටයුතු කරගෙන යෑමට ඔහුව නම් කිරීමෙන් පසුවය.

මැතිවරණ කාලය සඳහා භාරකාර පරිපාලනයක් පත්කිරීම පාකිස්තානයේ සාමාන්‍ය සිරිතක් වන අතර, ව්‍යවස්ථාවට අනුව ඉදිරි දින 90 තුළ මැතිවරණය පැවැත්විය යුතුය.

පාකිස්ථානුවන් එරට 76 වැනි නිදහස් දිනය සමරන අතරතුර මෙම දිවුරුම්දීම සිදුවේ.

ජාතිය අමතා සමුගැනීමේ දේශනයේදී ෂරීෆ් තම රටවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ, ඔවුන් ඡන්දය දීමට යන විට “නිවැරදි තීරණයක් ගන්නා ලෙසයි”.

ඔහු බලයට පත්වන විට රට මුහුණ දුන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් එහිදී ඉම්රාන් ඛාන්ට දොස් පවරා ඇත.

2022 අප්‍රේල් මාසයේදී ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකින් නෙරපා හරින විට ඔහු වෙනුවට ෂරීෆ් පත් විය.

ඉම්රාන් ඛාන්ට මේ මස මුලදී අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවමක් නියම වූ අතර, ඔහු මේ වනවිට නැගෙනහිර පන්ජාබ් පළාතේ අධි ආරක්‍ෂිත ඇටෝක් බන්ධනාගාරයේ රඳවා ඇත.