Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහා මැතිවරණයේ අගමැති සටන තියෙන්නේ ජාජබ නායිකා ආචාර්ය හරිනි අමරසූරිය සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතරය.
අගතියක් නොවන සේ, මැතිවරණ ව්‍යාපාරයේ හරිනි සහ සජිත් පිළිබඳ චිත්‍රණය වී ඇති මතය හඳුනාගැනීම වැදගත්ය.
හරිනි යනු, උගත්, බුද්ධිමත්, ලිබරල්, නැගීගෙන එන, නිදහස් කාන්තාවකි. – රැජිනකි.
සජිත් යනු, මෝඩ, සාම්ප්‍රදායික, පසුගාමී, පවුල කේන්ද්‍රීය පිරිමියෙකි. – පියාණෝගේ පුතෙකි.
අවධාරණයෙන්ම කිව යුත්තේ, මේ අර්ථ දැක්වීම සමාජයේ ද, සමාජ මාධ්‍යයේ ද, චිත්‍රණය කර ඇති සිතුවම මිස මාගේ නොවේ!
හරිනි, පරණ ජවිපෙ සාමාජිකයන් සුළුතරයක් ද, නීතිඥයන්, වෘත්තිකයන්, ගුරුවරුන්, උපාධිධාරීන් රැසක් ද, සමඟ අලුත්ම ලැයිස්තුවකින් තුනෙන් දෙකක් ඉක්මවන ජනවරමක් පතයි.
සජිත්, ජනාධිපතිවරණයකින් පරාජයට පත්වී මාස කිහිපයකින් 2020 මහ මැතිවරණයේ ආසන 54 ක් ලැබීය.
මැතිවරණ විද්‍යාව අනුව, ජාතික මැතිවරණයකින් පරාජයට පත්වන දේශපාලන පක්ෂයට 13% සිට 23% දක්වා ඡන්ද ප්‍රමාණයක් අහිමි වේ.
ජයග්‍රාහී පක්ෂයට සුළු ඡන්ද සංඛ්‍යාවක් වැඩි වන්නේය.
පරාජිත පක්ෂයට ඡන්දය දෙන්නට ජනතාව එන්නේ නැත.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව පහත වැටෙන්නේය.
එහි අවාසිය ද විපක්ෂයටය.
2019 ජනාධිපතිවරණයේ සජිත්ගේ ඡන්ද ලක්ෂ 55 මහ ජන්දයේ දී ලක්ෂ 27ට 50% කින් අඩු වූවේය.
මෙවර සජිත්ගේ ලක්ෂ 43, කොපමණ පහතට වැටෙනු ඇති දැයි පැහැදිලි නැත.
අතීත දත්ත පාදන ඉහත විග්‍රහය අනුව, සජබට මහ මැතිවරණයේ දී ආසන 42 – 46කට වඩා ලැබීමට තාර්කික අවස්ථාවක් නැත.
නමුත්, විධිමත් මැතිවරණ ව්‍යාපාරයකින් සජබ හා සමාන සිතැති කඳවුරට (Like minded camp) ආසන 75 – 78ක් ලැබිය හැකිය.
හරිනි හා සජිත් අතර ඉහතින් දැක්වූ රැජින – බූරුපුතා චිත්‍රණය පවත්නා තෙක් එය කිසි ලෙසකින් හෝ සිදු වන්නේ නැත.
එයටත් වඩා ජනාධිපතිවරණයක ජාජබ ට විරුද්ධව සජිත්, රනිල්, නාමල් කඳවුරු තුනක් තිබිණි.
මෙවර එය සජිත්, රනිල්, නාමල්, දිලිත් වශයෙන් කඳවුරු හතරක් බවට පත්වන්නේය.
සමානුපාතික ඡන්දයක දී එහි වාසිය ජාජබටය.
වැඩිම ඡන්ද ගන්නා පක්ෂයට බෝනස් අසුන ලැබේ.
එවිට පාර්ලිමේන්තුවේ අවසන් සංයුතියට සැබෑ බෝනස් එකකි.
විපක්ෂයට වාසි සහගත ලෙස මෙම ප්‍රතිඑලය වෙනස් කළ හැකිද?
ඔව්, පැහැදිලිවම එය සිදු කළ හැකිය. සරළය.
එහි පළමු පියවර, සජිත් ප්‍රේමදාස ඔහු ආදරය කරන පක්ෂ නායකත්වය, සන්ධාන නායකත්වය තබාගෙන අගමැති අපේක්ෂකත්වය හර්ෂ ද සිල්වාට හෝ කබීර් හෂීම් හෝ චම්පික රණවක තබා බුද්ධික පතිරණ වැන්නකුට හෝ ලබාදීමය.
එවිට, අද එජාපයේ සිටින බහුතරයක් නවතින්නේ දුරකථනයෙන් තරඟ කරන ඒ කඳවුරේය.
එජාප – සජබ කඳවුරු දෙක එක්වන පරිසරයක ‘කොටය‘ දිනා ගැනීමේ වැඩිම අවස්ථාව එනම් දිස්ත්‍රික්ක 18ක සභික ධුර 18ක් එම සන්ධානයට හිමිවන්නේය.
ගෑස් සිලින්ඩරයට අවම මන්ත්‍රී ධුර 15 ක් හිමිවන්නේ නම්, එය 33ක් බවට පත්වන්නේය.
එවිට මාලිමාවට 2/3 ලැබෙන්නේ නැත.
අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරියට දාන හර්ෂට, කබීර්ට, කිරිඇල්ලට හෝ වෙනත් අයකු සමඟ සජිත්ට ගිවිසුම් ගතවිය හැකිය.
දිනුවොත් ඔබ අගමැති. පැරදුණොත් සජිත් විපක්ෂ නායක!
හරිනි පරාජය කළ නොහැකි නමුත්, ඇයගේ ජයග්‍රහණය අවම කළ හැකිය.
හරිනි රැජින – සජිත් බූරු පුතා චිත්‍රණය වෙනස් කිරීමෙන් මිස කිසිදු ලෙසකින් ජජාබ ට තරඟයක් දීමට වත්මන් ප්‍රධාන විපක්ෂයට හැකියාවක් නැත.
ජනාධිපතිවරණය ඉලක්ක කර සජබ ඉදිරියට ගත් කුල සාධකය ජනාධිපතිවරණයේ දී, නිශේධනය විය.
කුල අපේක්ෂකයන් බහුතරයක් නාම යෝජනා දෙන්නේ හෝ නැත.
මම ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවන නමුත්, ඒ සියල්ලේම තීරණ ගන්නා බුද්ධි කවය සමීපව ඇසුරු කර ඇත්තෙමි.
අවාසනාවට සජබට 2020 මහා මැතිවරණයෙන් පසුව එවැනි ‘බුද්ධි කවයක්‘ නැත.
විකල්ප සහ මැතිවරණ උපක්‍රම තබා දේශපාලන උපක්‍රම තීරණය කරන වේදිකාවක් නැත.
1956 සිදු වූ ලෙස සමාජ විප්ලවයක් රටට අවශ්‍යය.
1977 මෙන් ආර්ථික විප්ලවයක් රටට අවශ්‍යය.
1994 මෙන් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් රටට අවශ්‍යය.
2024 නූතන විප්ලවය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පරාජයට පත් වනු දැකීම මාගේ පැතුම නොවේ.
එය රටේ ද අභිලාශය නොවන්නේය.
වාසනාව නොව 1977 (ජේ.ආර්.), 2018 (බැසිල්) හා සමාන සංවිධාන ශක්තියකින් ජයගත් අනුරට වසර 5ක් හිමි විය යුතුමය.
නමුත්, රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය ය.
සංඛ්‍යාත්මක නොවන නමුත් 1989 පාර්ලිමේන්තුවේ සිටි පිරිස මෙන් වැඩකරුවන් පිරිසක් මෙවර විපක්ෂයට අවශ්‍යය.
වත්මන් සන්ධර්භයට අනුව ඡන්දයට යන්නට පෙරම ජයග්‍රාහකයන් යැයි කිව හැක්කේ සජිත්, මරික්කාර්, මුජිබර්, ගයන්ත, බුද්ධික, දිලිප් වෙදආරච්චි, හර්ෂණ, කාවින්ද, රෝහිණී කවිරත්න, රෝහණ බණ්ඩාර, කිංස් නෙල්සන්, නලීන් බණ්ඩාර, අශෝක් අබේසිංහ, මොණරාගල ධර්මසේන, හලීම්, කබීර්, සුජිත් පෙරේරා, හේෂාට යන අතළොස්සට පමණී.
2020 මහාමැතිවරණයෙන් සජබයෙන් මන්ත්‍රීවරුන් 35ක් පත්විය.
එයින් පාර්ලිමේන්තුව විසිරුවන විට ඉතිරි වූවේ 29කි.
ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සභික සංඛ්‍යාව තීරණය වන්නේ මේ සුත්‍රයට අනුවය.
මනෝ, දිගම්බරම්, හකීම්, රිෂාඩ්, හිස්බුල්ලා ඇතුළු සන්ධාන පාර්ශ්ව සතු බලය මෙවර පරීක්ෂාවට ලක් වන්නේය.
දක්ෂයන් සහිත දක්ෂිණාංශික විපක්ෂයක් පාර්ලිමේන්තුවේ බිහිකර ගත යුතුය.
කුමන පක්ෂයකින් වුවත්, ශක්තිමත්, උපක්‍රමශීලී නූතන විපක්ෂයක් පාර්ලිමේන්තුවේ පැවතිය යුතු බවය.
වෘක්ක රැලක පැවැත්ම ඇත්තේ දක්ෂතමයා නායකයා කරගත් විටය.
අලි රංචුවක පැවැත්ම ඇත්තේ දක්ෂතමයා ‘රජ ඇතා‘ කරගත් විටය.
රජා කවුද යන්න තීරණය වනු ඇත්තේ, රංචුවේ ස්වභාවය අනුවමය.
ශක්තිමත් විපක්ෂයක් උදෙසා, ශක්තිමත් පිරිසක් පාර්ලිමේන්තුවට එවීම දක්ෂිණාංශයේ වගකීමකි.
(රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ෆේස්බුක් වෝලයෙන් උපුටාගන්නා ලදී)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart