Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට අයත් දොළුව ප්‍රදේශයේ පිහිටි නිවෙසේදී පාක්ෂිකයන් පිරිසකට රාත්‍රි භෝජන සංග්‍රහයක් ලබාදෙන බවට ලද තොරතුරක් මත පෙරේදා (24දා) එම ස්ථානයට ගිය මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අහාරපාන ලබාදීම අත්හිටුවන ලෙස දැනුම් දී තිබේ.
අදාළ නිවෙස පරීක්ෂාවට ලක්කර තිබෙන්නේ ට්‍රාස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මඟින් ලබාදුන් තොරතුරකට අනුවය.
මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් ගම්පොළ පොලිසියේ නිලධාරීන් සමඟ අදාළ ස්ථානයට යන විට 100 දෙනකුට පමණ බුෆේ ක්‍රමයට ආහාර ලබාදීමට සූදානම් කර තිබී ඇත.
එම අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න නිවෙසේ නොසිටි බවත් පාක්ෂිකයන්ට සංග්‍රහ කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ඔහුගේ බිරියට පහදා දුන් බවත් මැතිවරණ කාර්යාලය පවසයි.
මෙම රැස්වීමට ගම්පොළ හා ඒ අවට ගම්මාන රැසක පදිංචිකරුවන් සිය ගණනක් බස් රථවලින් රැගෙන පැමිණ තිබෙන බව අනාවරණය වී තිබේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart