February 6, 2024

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස නියෝජිතයන් ඊයේ (05) රාත්‍රියේ ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් කවාත්‍රා (Vinay Mohan) හමුව තිබේ.

එම හමුව නවදිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පවත්වා ඇත.

අද(06) දිනයේදී එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැරඹීමට සහ එම ආයතනයන්හි ක්‍රියාකාරිත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවල නිරතවීමට නියමිත ජාතික ජන බලවේගය පවසයි.

42.31%
17.27%
32.76%