Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ව්‍යාපාරික නායකයකු වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, පසුගිය සතියේ ආයතනික සංසදයකදී, අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම සඳහා සිටින ‘වන් ෂොට්’(one shot) ලෙස හඳුන්වාදෙමින් ඔහු ගැන ඉතා ඉහළින් කතාකළේය.
ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) ප්‍රථම අන්තර්ජාතික සමුළුව පසුගියා අමතමින් යූසුෆ් සිය ප්‍රධාන දේශනයේදී ප්‍රකාශ කළේ දිසානායක ජනාධිපතිවරයා පෞද්ගලික අංශය මූලික කරගත් සංවර්ධනයක් සඳහා සහාය දක්වන බවයි.
ඔහු අවබෝධයෙන් යුතු සූක්ෂ්ම මිනිසෙක් බව ද යූසුෆ් පැවසීය.
“උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ 6%ක ආර්ථික වර්ධනයක් සඳහා සැලසුම් කිරීමේදී, එහි සැබෑ ප්‍රවාහය මැනිය යුතු බවයි,”යනුවෙන් යූසූෆ් සිහිපත් කළේය.
තමාගේ පත්වීමට කෙටි පසුබිමක් සපයමින් යූසුෆ් සිහිපත් කළේ ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර තමා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවූ බවයි.
මිනිසුන් ඔහුට ඡන්දය දුන්නේ ඔහු ඔවුන්ගෙන් කෙනෙකු ලෙස සළකන නිසා බව යූසුෆ් පැවසීය.
“දූෂණය පිටුදැකීමට සහ ව්‍යාපාරික කටයුතුවල පහසුව වැඩිදියුණු කිරීමට දිසානායක ජනාධිපතිවරයාට විශාල දැක්මක් තිබෙනවා. ඔහුට අන්තර්ජාතික ව්‍යාපාර සහ පෞද්ගලික අංශය පිළිබඳ ගැඹුරු දැනුමක් තිබෙනවා. ඔහු සවන්දෙන කෙනෙක්. ඔහු වෙනස් දේවල් සිදුකරයි,” යනුවෙන් ‘The Courage to Be Bold’ යන මාතෘකාව යටතේ යූසුෆ් පැවසීය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය භාරගෙන සංවර්ධනය ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපති දිසානායක තමාට කී විට එම අභියෝගය භාර ගැනීමට තමා තීරණය කළ බව ද ඔහු සඳහන් කළේය.
යූසුෆ් සඳහන් කළේ තමාද ‘භූමියේ පුත්‍රයකු’ බවත් එබැවින් තම ක්‍රියාකාරී ජීවිතයේ අවසාන අදියරේදී ප්‍රයෝජනවත් යමක් කිරීමට අවශ්‍ය වූ බවයි.
ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය සහ අසමගිය අවසන් කළ යුතු බවත් නීතිය හා සාමය සහ යුක්තියේ ආධිපත්‍යයට ප්‍රමුඛත්වය දිය යුතු බවටත් ජනාධිපති දිසානායක කළ ප්‍රකාශ යූසුෆ්ගේ පැහැදීමට හේතු වී තිබේ.
බස්නාහිර පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කරන ලෙසත්, එමගින් ජාතික දළ දේශීය නිෂ්පාදිතයට එහි දායකත්වය ඉහළ නංවන ලෙසත් යූසුෆ්ට දැනුම් දෙන ලදී.
“බස්නාහිර පළාත පිරිසිදු හා ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට මම අවධානය යොමු කරනවා. සනීපාරක්ෂාව සහ සමස්ත ජීවන තත්වයන් වැඩිදියුණු කිරීමට මට අවශ්‍යයි. මිනිසුන්ට ලැබිය යුතු දේ ලැබිය යුතුය,” යූසුෆ් පැවසීය.
ගාස්තු අය කරන පොදු වැසිකිළි පිහිටුවීමේදී පෞද්ගලික අංශයේ සහයෝගීතාව ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
බහුජාතික ලොජිස්ටික් සමාගමක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි සම-ආරම්භක ක්‍රියාකාරිකයකු වන යූසුෆ් එය ශ්‍රී ලංකාවේ වටිනාම ලැයිස්තුගත සමාගමක් බවට පත් කිරීමට මෙහෙයවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart