42.31%
17.27%
32.76%
September 24, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කරන ලද නව කැබිනට් මණ්ඩලය වෙත අමාත්‍යංශ බෙදීගොස් ඇත්තේ පහත ආකාරයෙනි.

මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ කුඩාම කැබිනට් මණ්ඩලය සහ එක් ඇමැතිවරයකු විසින් උසුලන ලද වැඩිම අමාත්‍යංශ සංඛ්‍යාව ලෙස ඉතිහාසගත වේ.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක යටතට පත්වන අමාත්‍යංශ– ආරක්‍ෂක අමාත්‍යංශය මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය
– බලශක්ති අමාත්‍යංශය
– කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජල සම්පත් අමාත්‍යංශය

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යංශ– අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පලාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය
– අධ්‍යාපන, විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය
– වෙළඳ, වානිජ,ආහාර සුරක්‍ෂිතතා, සමූපාකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
– සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යංශය

ඇමැති විජිත හේරත් යටතට පත්වන අමාත්‍යංශ
– බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු,ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය
– ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මහජන ආරක්‍ෂක අමාත්‍යංශය
– විදේශ කටයුතු අමාත්‍යංශය
– පරිසර,වනජීවී, වන සම්පත්, ජාල සම්පාදන,වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්යංශය
– ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරිම් අමාත්යංශය

42.31%
17.27%
32.76%