September 12, 2024

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය ඡන්ද අභිප්‍රාය සම්බන්ධයෙන් 2024 අගෝස්තු මාසය සඳහා පැවැත්වූ මත විමසුමේදී ජනාධිපති අපේක්ෂකයන් වන අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස සෙසු අපේකෂකයන් අතරින් ඉදිරියෙන්ම සිටින බව පෙනීගොස් තිබේ.

කෙසේවෙතත් එම වාර්තාව පෙන්වා දෙන්නේ ඔවුන් දෙදෙනා ඉදිරියෙන් සිටියද දෙදෙනාගේම ඡන්ද මනාපවල සුළු අඩුවීමක් වාර්තා වී ඇති බවයි.

මාර්තු සිට අගෝස්තු දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය පවසයි.

ඔවුන්ගේ අධ්‍යනය අනුව කිසිදු අපේක්ෂකයකු සියයට 50කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ඉඩ නැත.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය ඊයේ (11) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රධාන පක්ෂ ජනාධිපති අපේක්ෂකයන් හතර දෙනාගෙන් කිසිවකුට වැඩිහිටි ඡන්දදායකයන්ගෙන් බහුතරයකගේ සහාය නොමැති බවයි.

දිසානායක සමස්ත වැඩිහිටියන්ගෙන් සියයට 36ක් සමඟින් ඉදිරියෙන් සිටින අතර, ප්‍රේමදාස සියයට 32ක්, ජනාධිපති වික්‍රමසිංහ සියයට 28ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ සියයට 3ක් සමඟින් ලැයිස්තුවේ සිටින බව එම නිවේදනයේ සඳහන්ය.

2024 මාර්තු සිට අගෝස්තු දක්වා රනිල් වික්‍රමසිංහට පළවන සහාය ඉහළ යමින් පවතින අතර එම කාලසීමාව තුළ දිසානායක, ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ වීමේ සුළු අඩුවීමක් සිදුව ඇති බව එම ආයතනය පවසයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රවී රන්නන්-එළිය පවසන්නේ බහුතර ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් වී නොමැති බවයි.

එයින් අදහස් කරන්නේ 2024 මැතිවරණය දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීම මත තීරණය වන පළමු ජනාධිපතිවරණ ඡන්ද විමසීම බවට පත්වීමට වැඩි ඉඩක් ඇති බවයි.

අගෝස්තු සඳහා වන මත විමසුමේ ආදර්ශ ඇස්තමේන්තු විශ්ලේෂණය මගින් එක් එක් අපේක්ෂකයා සඳහා ආධාරක පදනමේ වෙනස්කම් හෙළි කරයි.

දිසානායකට තරුණයන් අතර සියයට 53 ප්‍රබලම සහාය හිමි වූ අතර බහුතරයක් ඔහුට සහාය දැක්වූවන් අතරින් සිංහල ඡන්දදායකයන් සියයට 42ක් වේ.

ඡන්දදායකයන්ගෙන් වඩාත්ම ධනව තුන් අතරින් සියයට 38ක් දිසානායකට සහ වික්‍රමසිංහට සහයෝගය දැක්වීය.

ඊට වෙනස්ව, ප්‍රේමදාස දුප්පත්ම ඡන්දදායකයන්ගෙන් සියයට 40ක කැමැත්ත හිමිකර ගෙන සිටී.

ශ්‍රී ලාංකේය දෙමළ ජනයාගෙන් අඩකට වඩා එනම් සියයට 55ක් සහ වතු/ඉන්දියානු දෙමළ ජනයා සියයට 53ක් ප්‍රේමදාසට සහාය දුන් අතර, මුස්ලිම්වරුන්ගෙන් තුනෙන් දෙකක් එනම් සියයට 71ඔහුට සහාය දී ඇත.

වික්‍රමසිංහගේ සහයෝගය වයස සමඟ වැඩි වූ අතර, වයස අවුරුදු 60 සහ ඊට වැඩි අය අතර සියයට 43 දක්වා ළඟා වී තිබේ.

දිසානායක උතුරු හා නැගෙනහිර හැර අනෙකුත් සියලුම පළාත්වල පෙරමුණ ගත් අතර එම දිස්ත්‍රික්කවල ඔහු ප්‍රේමදාස සහ වික්‍රමසිංහට පිටුපසින් තෙවැනි ස්ථානයට පත්වූ බව එම නිවේදනයේ දැක්වේ.