Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“සර් මම අනුලාගේ දුව. මේ වීඩියෝ එක මම සර්ට එව්වේ අම්මගේ මූණ තවත් මේකේ පැහැදිලිව තියෙන නිසා. මගේ හිත කියන්නෙම අම්මා ඉන්නවා කියලා. අම්මා ගොඩක් පින් කරපු කෙනෙක්. අම්මට ඔහොම මරණයක් උරුමයි කියලා මම හිතන්නේ නැහැ සර්. අම්මා රට යද්දි මට අවුරුදු 16යි සර්. මගේ ජීවිතේ අවුරුදු 10කටම මම අම්මා එක්ක ළඟින් හිටියේ දවස් 90යි. අම්මා මේ සිද්ධිය වෙන්න කලින් දවසේ රෑ කිව්වා සුදු අම්මා ඔයාට ඕන දේකට මම ඉන්නවා කියලා. අම්මට තිබුණු ලොකු ආසාවක් ලස්සනට මගේ වෙඩින් එක ගන්න. මම විභාග වුණත් පාස් වෙන්නේ අම්මා වෙනුවෙන් සර්. මම පාඩම් කරන්න පොඩ්ඩක්වත් කැමැති කෙනෙක් නෙවෙයි. අම්මා වෙනුවෙන් ඒ ඔක්කොම කළේ සර්. අම්මව පැහැරගෙන ගිහින් ඉඳලා හමුවුණොත් කියන්න සර් මම අම්මා එනකල් බලා ඉන්නවා කියලා. අම්මා නැති වෙලා නම් ඒකත් මට කියන්න සර්. අම්මාව එවන්න මෙහෙට. අම්මගේ අවසන් කටයුතු කරන්න ඕන හොඳට. අම්මගේ මිනී පෙට්ටියට මට කර ගහන්න ඕන.‘‘
මේ ඊශ්‍රායලය හා පලස්තීනයේ හමාස් සංවිධානය අතර ගැටුම්වලට මැදි වී මියගිය අනුලා ජයතිලකගේ දියණිය විසින් අනුලා මියගිය බව තහවුරු කිරීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වෙත පණිවිඩයකි.
ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ මළසිරුර බොහෝවිට අද (19) දිනයේ දී තානාපති කාර්යාලයට බාරදෙනු ඇතැයි ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසා ඇත.
කෙසේවුවද පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට විදෙස් රටවල් 36කට අයත් පුද්ගලයන් 350දෙනකු පමණ මියගොස් තිබෙන බව සඳහන් කරණ තානාපතිවරයා, එම මළසිරුරු රටවල් අනුව වර්ගීකරණය කරන බවද, මේ හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවගේ මළසිරුර ලැබීම ප්‍රමාද වියහැකි බවද පෙන්වාදෙයි.
ඊශ්‍රායලය හා පලස්තීනයේ හමාස් සංවිධානය අතර ගැටුම්වලට මැදි වී ජීවිතක්ෂයට පත් වූ සාත්තු සේවිකාවක ලෙස සේවය කළ අනුලා ජයතිලකට හිමිවිය යුතු උපරිම වන්දි මුදල ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
කාර්යාංශයේ ලියාපදිංචිව එරට නීත්‍යනුකූලව වලංගු වීසා බලපත්‍රයක් සහිතව සිටි අනුලා ජයතිලකට කාර්යාංශයේ රක්ෂණාවරණය හා ඊශ්‍රායල් ජාතිකයකුට සමාන සියලු වන්දි එරටින් ලැබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා පවසයි. (දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart